#$ CHAPTER 02 $#

48 10 2
                                    

ඩොක්ටර් යුන්ගීට ඩියුටි වෙලාව ලං වෙච්චි නිසා එතන ඉන්න කෙනෙක්ට ජීහාව පොඩ්ඩක් බලන්න කියලා කිව්වේ ජීහා කියන්නේ තමන් දන්න කෙනෙක් වගේම හදිස්සියක් වුනොත් එයාට කෝල් එකක් දෙන්න කියලා එයාලට දැනුම් දීලා. යුන්ගි අඩිය ඉක්මන් කරලා එයාගේ කැබින් එකට ගියේ එතන වැඩ සේරම සේරම ඉවර කරලා ඉක්මනට ජීහා ගාවට එන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන්.


"හරි මට තේරුණා. ඔයා දිගටම උණු වතුරම බොන්න ඕනේ තේරුණා ද? ටික දවසක් යනකල්ම ස්ට්‍රීට් ෆුඩ්ස් කන එක නවත්තලා එළවළු වැඩිපුර කනවා නං හොඳයි."

යුන්ගී ටෝකන් එකක මොනාද ලියන ගමන් එහෙම කිව්වේ එයාගේ ඉස්සරහම වාඩි වෙලා ඉන්න අදුශ්ශි කෙනෙක් ට.


"දේ... ඩොක්ටර් අරස්සෝ...."


"මං බෙහෙත් වගයක් දෙන්නම්. අපි මුලින්ම මේවා බීලා බලමු. අඩුවක් නෑ වගේ නං ආපහු එන්න. ඊට පස්සේ බලලා මං මෙඩිසින් වෙනස් කරන්නම්."


"දේ... ඩොක්ටර් කම්සාන්මිදා......"

ඒ අදුශ්ශී යුන්ගිට බෝ කරලා එතනින් යන්න ගියේ යුන්ගී පුටුව පිටිපස්සටම හේත්තු වෙලා ඇගේ හිරි කඩද්දී.


"අම්බෝ මහන්සීයි අද නං... ඔහ්... ජීහාට මොකද දන්නෑ..."

එකපාරටම යුන්ගිට ජීහාව මතක් වෙච්චි නිසා එයා ඉක්මනට එයා දන්න කෙනෙක්ට කතා කරා.


"යොබුසේයෝ... මං ඩොක්ටර් යුන්ගි කතා කරන්නේ. තියටර් එකේ හිටියි පේශන්ට මොකද දැන්?"


"ඩොක්ටර් එයාගේ නළලේ තුවාලේ විතරයි සීරියස් එකකට තිබ්බේ. අනික් ඒවා නං එච්චරටම ප්‍රශ්නයක් නෑ වගේ. අතකත් පොඩි උලුක්කුවක් තිබ්බා. අපි එයාව රූම් එකකට චේන්ජ් කරා. තාම නං සිහිය නෑ එයාට..."


"නම්බර් එක මොකද්ද?"


"රූම් නම්බර් 24."


"හරි"

එහෙම කිව්ව යුන්ගි පුටුවේ තිබ්බ එයාගේ සුදු පාට කෝට් එකත් අරගෙන එතනින් නැගිට්ටේ අනික් අතෙන් බ්‍රීෆ්කේස් එකත් ගන්න ගමන්. මොකද එයාගේ ඩියුටි එක ඕෆ් වෙන්න තව වැඩි වෙලාවක් තිබ්බේ නැති නිසා යන ගමන්ම ජීහාවත් බලාගෙන යන්න ඕනේ කියලා එයා හිතුවා. 

I am not a Prophet || MYG || COMPLETED ||Where stories live. Discover now