1 කොටස

5.3K 433 122
                                    

මතක ලන්තෑරුම් අඳුර මැද...
හුස්ම නොතියා ඉන්න තිබුණා...
අහම්බෙන්වත් මුරුගසන් වැහි...
නොදී ඈතට යන්න තිබුණා...

කියන්නම ගිය වචන අමතක...
වුණත් මගෙ හදවතට දැනුණා...
නොදැනුණා වාගේම උන්නට...
සුදු කමිස උරහිසට රිදුණා...

පරවෙලා මිහිදන් වෙලා උන්...
හිත ඔහේ පරවෙන්න තිබුණා...
නිල් පාට කටරොළු මලෙක නිල...
පිපුණු හිතකට දෙන්න තිබුණා....

සිංදුවක් උනත් හැමදාම වගේ ඒ පද පේලි ටික ඇහෙද්දී පපුව පාරගෙන ආපු වේදනාව මාව පුච්චලා දැම්මා... මතක... මතක තමයි අපිව ජීවත් කරවන්නේ.. මතක තමයි අපිව පුච්චන්නේ... මතක තමයි තමයි අපිව සතුටෙන් තියන්නේ... කෙනෙක් මතක වලට ආදරේ කරනකොට තව කෙනෙක් මතක වලට වෛර කරනවා.. ඔයා ඒ අය අතරෙන් මොන ගොඩේද??  මම නම් මතක වලට ආදරේ කරන ගොඩේ.. මොකද මාව තාමත් ජීවත් කරවන්නේ මතක...

"අගස්ත්‍ය බේබී..... අපි දැන් සමාධි නෝනලගේ දිහාට කිට්ටු කරලා ඉන්නේ....."

සිංදුවත් එක්කම මතක අස්සේ අතරමං වෙලා හිටපු මම සිරිදාස අංකල්ගේ හඬට මේ ලෝකෙට ආවා...

"හ්ම්... ගේට් එක ළඟට ගිහින් හෝන් කරන්න අංකල්... අක්කා දන්නවා මම අද එනවා කියලා...."

අවුරුදු දෙකකට පස්සේ මම ආපහු අපේ මහ ගෙදරට යන්නේ... ජීවිතේ හැම වෙලේම වෙන්නේ අපි හිතන පතන දේවල්ම නෙමෙයි... අපිට කොච්චර ඕන උනත් සමහර වෙලාවට අපි කැමති දේ ඒ විදිහටම සිද්ධ වෙන්නේ නෑ... හරියටම අවුරුදු දෙකක්... හරියටම අවුරුදු දෙකකට කලින් අලුත් ජීවිතයක් පටන් ගන්න හිතන් මම කසාඳ බැන්ඳා උනත් මගේ හිතේ තිබ්බ චේතනාව හොඳ එකක් උනේ නෑ... මොකද මට ඕන උනේ මට පණ වගේ ආදරේ කරපු කෙනෙක්ට පේන්න කසාදයක් කර ගන්න විතරයි...

ජීවිතේ මට වැරදුන තැන එතන... සමහර විට එයාට මම නිසා මගේ ඒ කසාදේ නිසා දුකක් දැනුන නිසාම වෙන්න ඇති වෙන අයට දිව්‍ය ලෝකයක් වෙච්ච කසාද ජීවිතේ මට අපායක් උනේ... දන්නවා.. මම කසාද බැන්ඳ දවසේ එයා ගොඩක් විඳවන්න ඇති.. මොකද එයාට දැනුන වේදනාව බෙදා ගන්නවත් එයාට කවුරුත් හිටියේ නෑ... මට එදා එයාට ඒ තරම් රිද්දන්න ඕන උනේ නෑ.. ඒත් මට ආත්ම විශ්වාසයක් තිබ්බේ නෑ...

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now