33 කොටස

1.5K 300 138
                                    

අලුත් ගෙදරට ඇවිත් දවස් දෙකක්ම ගෙවිලා ගියේ සාමන්‍ය විදිහට.. අපි හිතුවටත් වඩා ගෙදර වැඩට හිටපු ගෑණු කෙනත් ගොඩක් හොඳ කෙනෙක් වෙද්දී මට බය නැතුව කේශුව ගෙදර තියලා උනත් ෆැක්ට්‍රි එකට ගිහින් එන්න පුළුවන් උනා..

"කේශුට මොනවා හරි ගෙනියන්න ඕන....."

ගෙදර ඉඳන් පැය භාගෙක විතර දුර නිසා යන එකේ ප්‍රශ්නෙකුත් තිබ්බේ නෑ.... ඉතිං අදත් මම උදේම ෆැක්ට්‍රි එකට ඇවිත් මේ ඉන්නේ ගෙදර යන ගමන්... මග නතර කරලා මගේ කඩචෝරු බෝලෙට මොනවා හරි ගෙනියන්න ඕන නිසා මම වාහනේ නතර කරේ හොඳ ෆ්‍රෙෂ් දෙළුම් වගයක් විකුණ විකුණ හිටපු පලතුරු තට්ටුවක් ළඟ...

"චූටි දූ.... ඔයාට අම්මිව ඇහෙනවද රත්තරං... අම්මිට ඉවසිල්ලක් නෑ ඔයාව දකිනකන්... ඔයාගේ අම්මිත් තාම චූටියි තමයි... ඒත් මම ඔයාට පොරොන්දු වෙනවා මැණික ඔයා ආවහම මම ඔයාව ප්‍රින්සස් කෙනෙක් වගේ බලා ගන්නවා කියලා... ඔයා දන්නවද ඔයාගේ අප්පච්චි ඉන්නේ ගොඩාක් සතුටින්... මම දන්නවා අප්පච්චි රෑට රෑට මට නින්ද ගියහම ඔයා එක්ක කතා කරනවා කියලා... අප්පච්චි ඔයාට හරි ආදරෙයි රත්තරං... අනේ ඒ නිසා පරිස්සමින් ඉක්මනට අම්මිවයි අප්පච්චිවයි බලන්න එන්න හරිද... "

මම ගෙදර ඇවිත් වාහනේ ගරාජ් එකට දාලා ගෙනාපුව ඔක්කොමත් ගෙදර වැඩට ඉන්න රාණි අම්මට දීලා උඩ අපේ කාමරේට ආවේ මගේ මැණික මොකද කරන්නේ කියලා හිතන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ගෙදර ඇවිත් වාහනේ ගරාජ් එකට දාලා ගෙනාපුව ඔක්කොමත් ගෙදර වැඩට ඉන්න රාණි අම්මට දීලා උඩ අපේ කාමරේට ආවේ මගේ මැණික මොකද කරන්නේ කියලා හිතන ගමන්..

අනේ මම යද්දිත් මගේ පුංචි කොල්ලා තාම ඉස්සරහටවත් ඇවිත් නැති චූටි බණ්ඩිය අත ගගා අපේ පැටියත් එක්ක ලොකු කතාවක වෙද්දී මම සද්ද නැතුව ගිහින් පුටුවේ වාඩිවෙලා හිටපු එයාව පිටි පස්සෙන් තුරුල් කර ගත්තා...

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now