32 කොටස

1.5K 326 130
                                    

"දැන් එතකොට මොකද කරන්නේ අගා...."

ගෙදර ආවට පස්සේ වරංගටයි ඉසා ටයි ඩොක්ටර් කියපු දේවල් කිව්වට පස්සේ දෙන්නම ඇහුවේ මොකද කරන්නේ කියලා...

"මටත් ඇත්තටම මොකද කරන්නේ කියලා හිතා ගන්න බෑ බං..."

මම කියද්දී මගේ පපුවේ මූණ තියන් හිටපු කේශූ මගේ ෂර්ට් එක මිරික ගත්තේ තද කරලා...

මම කියද්දී මගේ පපුවේ මූණ තියන් හිටපු කේශූ මගේ ෂර්ට් එක මිරික ගත්තේ තද කරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"තාත්ති ඇවිත් මාව අරන් යයිද අගී??"

"ඒක කීයටවත් වෙන්නේ නෑ මැණික්... මම ඉන්නක් කාටවත් බෑ උඹව මගෙන් අරන් යන්න..."

මගේ කේශූ ඉන්නේ ගොඩාක් කලබල වෙලා.. එයාට දැනෙන නොසන්සුන්කමම මටත් නොදැනෙනවා නෙමෙයි.. ඒත් මට මෙවෙලේ කඩා වැටිලා බෑ...

"මම කේශුවත් අරන් කෑගල්ලේ යන්නම්... මම හිතන්නේ මෙවෙලේ තියෙන හොඳම විසඳුම ඒක... එහෙ විස්තර කවුරුත් දන්නෙත් නෑනේ ඉසා.... උඹ මොකද හිතෙන්නේ ඒ ගැන??"

අන්තිමට කල්පනා කරලා කල්පනා කරලා මම විසඳුමකට එද්දි ඉසංකත් ඒක හොඳයි කිව්වේ මට පොඩි සැනසීමක් දැනෙද්දි...

"මම එහෙනම් මිස්ටර් මංජුලට කතා කරලා එහෙ අපිට ඉන්න තැනක් බලන්න කියන්නම්... මැණික්... ඊට කලින් ඔයා මොනා හරි කාලා ඉන්නවද?? "

රෑ වෙලා තිබ්බ නිසාම මම අහද්දී එයාට වැඩි කැමැත්තක් නැති උනත් වරංගා හදලා තිබ්බ ඉඳිආප්ප ටිකක් කවා ගත්තේ කොල්ලව බඩගින්නේ තියන්න බැරි නිසයි...

"මිස්ටර් මංජුල මොකද කියන්නේ?? "

හැම දෙයක්ම ඉවර වෙලා මම ඇඳට එද්දි කේශූ ඇහුවේ මගේ පපුවට එන ගමන්...

"හෙටම බලන්නම් කිව්වා මැණික්... හැම දෙයක්ම හොඳින් වෙයි... බය නොවී ඉන්න..."

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now