31 කොටස

1.5K 293 131
                                    

කොහොමින් කොහොම හරි කේශුට බත් ටිකත් කවාගෙන මමත් බත් කටවල් දෙක තුනක් කාලා එහෙමම කාමරේට ආවේ ඇඟට දැනෙන මහන්සියත් එක්කමයි... පාන්දර එකත් පහුවෙලා නිසා කේශුව නම් තෙමන්න බැරි නිසා රෙදි කෑල්ලක් තෙමලා එයාගේ පිහදපු මම මගේ සැහැල්ලු ටී ෂර්ට් එකක් විතරක් එයාට අන්ඳලා ඇඳෙන් ඇල කරේ කොල්ලා නිදි කිරද්දි..

"නිදා ගන්න මගේ පණ...."

මම එයාගේ ඔලුව අත ගාන ගමන් ඒ නලලට උණුසුම් හාදුවක් තිබ්බේ කේශූ සනීපෙට ඇස් පියා ගද්දි වෙනකොට මමත් එහෙමම ටවල් එකයි ඇඳුමකුයි අරන් ගිහින් වොෂ් එකක් දා ගත්තේ ඉක්මනට නිදා ගන්න හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම එයාගේ ඔලුව අත ගාන ගමන් ඒ නලලට උණුසුම් හාදුවක් තිබ්බේ කේශූ සනීපෙට ඇස් පියා ගද්දි වෙනකොට මමත් එහෙමම ටවල් එකයි ඇඳුමකුයි අරන් ගිහින් වොෂ් එකක් දා ගත්තේ ඉක්මනට නිදා ගන්න හිතාගෙන...

පාන්දර වැටුනු ගමන් නින්ද ගිහින් තිබ්බ මම ගැස්සිලා ඇහැරුනේ ඉවරයක් නැතුවම ඔක්කාරේ කරන සද්දෙකට වෙනකොට ඇස් ඇරපු සැනින් මූණට වැදෙන ඉර එළියත් දරාගෙනම මම බැලුවේ කේශූ කෝ කියලා... ඒත් කොල්ලා පේන්න නැති වෙනකොට ආයෙත් ඔක්කාරේ කරන සද්දේ ඇහෙද්දී මම දඩි බිඩි ගාලා ඇඳෙන් පැනලා දිව්වේ වොෂ් රූම් එකට...

"මැණික්....."

අනේ මගේ කොල්ලා කැහැලා කැහලම රතු වෙලා.. ඇස් වලින් කඳුළු පැනලා... මම එහෙමම එයාට සහනයක් දැනෙන්න පිට අත ගාද්දි කේශූ දිගටම වොමිට් කරේ මගේ ඇස් වලත් කඳුළු පිරෙද්දි...

"කෝ ඉන්න වස්තුව...."

අන්තිමට යන්න දෙයක් නැති වෙද්දී මම පණ නැතුව වගේ ඉන්න කේශුව අල්ලගෙනම මූණයි කටයි හෝදවලා එයාව වොෂ් රූම් එකෙන් එළියට එක්කන් ඇවිත් ඇඳෙන් වාඩි කෙරෙව්වේ පරිස්සමට...

"මට කතා කරන්න එපැයි මැණික්...."

මම එයාගේ ඔලුව අත ගගාම කියද්දී කොල්ලා මාත් එක්ක හිනා උනේ හරිම අහිංසක විදිහට...

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now