18 කොටස

1.5K 348 179
                                    

"ඔයා කොහෙද යන්න හදන්නේ අගී...."

සෙනසුරාදා දවසට ඉර පායලා තියෙද්දි උදේම ලෑස්ති වෙන මගේ ළඟට ඇවිත් කේශූ අහද්දී මම එයාගේ ඔලුව අත ගෑවා....

"ඊයේ ඉස්කෝලෙදි සහස්ට ප්‍රැක්ටිස් පෙන්නන්න කිව්වේ අද සෙනසුරාදා කියලා කල්පනාවක් නැතුව කේශූ... ඒත් මම රෑ සහස්ට කතා කරලා කිව්වා ඉස්කෝලෙට එන්න කියලා ප්‍රැක්ටිස් බලන්න... මම මේ ඒකට ගිහින් එන්න කියලා.. ඒ ගමන්ම අපේ ප්‍රශ්නේ ගැනත් කතා කරන්න පුළුවන්නේ..."

මම කියද්දී කේශූ ඩ්‍රසින් ටේබල් එක ඉස්සරහ හිටපු මගේ අත් ගොබේට හේත්තු උනා...

"ප්‍රශ්න ඇති කරගන්න රණ්ඩු වෙන්න එපා හොඳේ.... "

"ඔයා මගේ හැටි දන්නවනේ මැණික්...  මටත් ඕන නෑ ප්‍රශ්න ඇති කරගන්න... ඔයා එහෙනම් දවල්ට ලක්ෂාන් එක්ක එන්න ඉස්කෝලේ ළඟට... අපි එහෙමම ලන්ච් අවුට් යමු..."

එයාගේ කම්මුලක් මිරිකලා එහෙම කියපු මම මගේ කොණ්ඩෙත් පීරන් ලෑස්ති උනා...

"තෙරුවන් සරණයි මගේ මැණිකට... "

කේශූ අදත් මට දණ ගහලා වඳිද්දි මම දරා ගන්න බැරි තරම් ආදරේකින් එයාගේ ඔලුව අතගාලා නැගිට්ටවගෙන නලලෙන් හාදුවක් තිබ්බා....

"දැන් හැමදාම වඳිනවද..... "

"එහෙම තමයි... මහත්තයට වැන්ඳයි කියලා මොකද වෙන්නේ ඉතිං...."

මගේ පපුවේ මූණ ගහන් කොල්ලා කියද්දී මම එයාගේ ඔලුවත් අත ගාගෙනම පහළට ආවා...

"මල්ලි කොහෙ හරි යන්නද??"

මම පහළට එද්දී සාලේ හිටපු අක්කා අහද්දී මම එයත් එක්ක හිනා උනා....

"ඔව් අක්කේ... ඉස්කෝලෙට ගිහින් එන්න කියලා... අර තරඟෙට යන අනිත් ළමයගේ ප්‍රැක්ටිස් බලන්න එපැයි..."

"හරි මල්ලි... එහෙනම් යන්න කලින් කෑම කාලා යන්න... කෝ එන්නකෝ...."

යන්න ගියපු මාව නවත්තලා අක්කා කෑම කන්න කන්න දෙද්දී මම ඒවත් කාලා පිටත් වෙලා ආවේ ඉස්කෝලෙට... මම යද්දිත් සහස් ඇවිත් හිටපු නිසා ඉක්මනට මියුසියස් රූම් එකේ දොර ඇරලා එයාට එන්න ඉඩ හදලා දුන්නේ සහස් මගේ දිහා බලන් ඉඳලා ඇතුලට එද්දී....

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now