♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 ♡

123 14 1
                                    

━━━━━ EVIL LOVER ━━━━━

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvillLover

━━━━━━━ Episode  01 ━━━━━━━

ම්ම්ම්ම්ම් පුදුම නිදහසක්. ජීවිතේ මනුස්සයෙක්ට  සතුටින් ඉන්න  ඒ කෙනාගේ හිතේ නිදහසක්  තියෙන්න ඕනී.  ඝෝශා වලින්  මිදිලා නිස්කලංක  පරිසරය නිදහසේ ඉන්න ලැබෙන  එක කොයිතරම්  දෙයක්ද... ඒ අතින්  මම  හරි  වසනවන්තයි කියලා මම  හිතනවා. මගේ  ඔම්මා අප්පා  එයාලා නිසා  අද මේ විදිහට  සතුටික් ජීවිතේ  විදිනවා. සමහර  වෙලාවකට  මට හිතෙනවා මම මගේම  කියලා  ලේකෙක මගේ  කියලා  දැනෙන  මගේම  තැනක  නතර  වෙන්න. ආහා... මොනාද මේ හිතන්නේ... මෝඩියේ... මේ විදින්නෙත් ඒ නිදහසමනේ..... හරි හරි  ඉස්සලා මම කියලා ඉන්නම්කෝ මම  කව්ද කියලා. මම  Park  Aroha...
ම්ම්ම්ම්ම්  කෙටියෙන්ම මම  සරල  චාම් කෙනෙක්.  මම  නිදහසට  ගොඩක්  කැමති .  පොත් කියවන්න  ගොඩාආආක්  ආසයි.  අපේ ඔම්මා කියාන  විදිහට මම  පොත්  ගුල්ලෙක්ලු. එහෙම  කිව්වම  ඉතින් අපේ  ඔම්මා  අප්පගෙන්  බැනුම්  අහලා  නැතුවම  නෙවෙයි. අප්පා  කියන්නේ මන්  එයාගේ පනලු.  ඕවා ඇහුනමනම්  අපේ ඔම්මා  ඉරිසියාවෙන් පුපුරණවා.  කොහොමත් දුවෙක් කියන්නේ  අප්පගේ  පණනටික නේ කියලා ඔම්මව  අවුස්සනවා  ඇරෙන්න  අප්පටයි මටයි  වෙන මොකුත් නෑ.   පුංචි  පුංචි  රණ්ඩු වාද විදාද   වලින්  පිරිනූ අපූරු ලේකෙක තමයි  මම  ජීවත් වෙන්නේ.

මම  University  එකේ 2nd  Years  Student  කෙනෙක්.  Park Joun , Park Sooha ගේ එකම  දුව. මගේ හොදම  යාලුවා. jeon  Ari.
ගොඩක් අය කියන්නේ  Ari  මමයි  එක  කුස උපන්  නිවුන්  සහෝදරියෝ වගේ කියලා.  ඒත් ඉතින් එයා මට වඩා හාත්පසින්  වෙනස්  චරිතටක්.  එයා ගොඩක්ම කැමතී ජිවිතේ විනෝදයෙන් ගත්කරන්න . මම  ඉතින්  ඒවට කැමති ඒත් ඊටත් වඩා මම කැමති මගේ නිදහස්  ජීවිතේට.  අරී එක්ක  ඉන්නකොට  ඉතින් එහෙම ඉන්න හබෙන්නේ නෑ. කෙල්ල හරි දගයි.  ජියෝන්  අංකල්  මගෙන් අහන්නෙ හැම  වෙලාවෙම මේ  පිස්සු කෝලම්ත් එක්ක  මේ අහිංසක කෙල්ල කොහොම  ඉන්නවද මන්දා කියලා.  ඇත්තටම  ඒකත් හරි අමුතු  හමුවීමක්. කොලේජ් කාලේ  අප්පගේ  බිස්නස්  වැඩ නිසා  ඩේගු  වල ඉදන්  සෝල් වලට  එන්න උනා . ඉතින් අලුත් කෝලේජ් එකක්  වගේම  අලුත් පරිසරය නිසා  මුල් කාලේ මම  මේ පරිසරය  ඒ තරම් කැමැත්තක් දැක්කුවේ නෑ.  මුල් කාලේ කොලේජ් ගියෙත්  යන්න ඕනිවට  වගේ. ඒත් ඒහෙම  උනේ ටික කාලෙකට  විතරයි.  අහම්බෙන් වගේ  කොලේජ්  එකේ  library  දී  මට  කෙනෙක් හම්බුනා.  මූනත්  පුම්බගෙන  පොත් ගොඩාක්  පෙරලගෙන ඒකෙන් මේකට මේකෙන්  ඒකට  පනින  කෙල්ලෙක්.  ඒ ඉතින්  වෙන කව්ද.  අරී තමයි. හම්මෝ බලන්න එපැයි එදා කෙල්ලගේ මූණ.  මතක් වෙද්දීත් හිනා.   ඒතනයි අපේ  පළවෙනි  හමුව.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now