1 කොටස🕊️🖤

835 86 27
                                    


🐇⃝𝔭⃪𝔞𝔯⃪𝔱 ⃪0⃪1⃝🐅

අද සෙනසුරාදා..උදේ ඉදන් වැඩ කරපු මට දැන් තමයි පොඩි හරි සහනයක් ලැබුනේ...උදේ ඉදම්ම එන යන මිනිස්සු සතිඅන්තෙ නිසා අද වැඩි වෙද්දි මම රොබෝ කෙනෙක් ගානට වැඩ කරා...නුවරඑලියේ තේවතු යායක් අයිනෙන් චූටිවට පටන් ගත්තු කොෆී ශොප් එක...වෙනදට එකා දෙන්නා එන ශොප් එක අදවෙනකොට හුස්මක් ගන්න කොට පිරිලා ඉවරයි...දන්නෑ ඇයිද කියන්න...ඒත් එන ඔක්කොම ආවෙ මගේ කොෆී එකේ රසට රහ වැටිලලු...මං මෙච්චර බීලත් දැනෙන්නැති රසක් එයාලට දැනෙනවාලු අනේ මන්දා...

මං මෙච්චර බීලත් දැනෙන්නැති රසක් එයාලට දැනෙනවාලු අනේ මන්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සදහස කඩුපුල් ....

සීතා අම්මාන් කෝවිල...සීතා එලියේ තියෙන සීතා අම්මාන් කෝවිලට චුට්ටක් එහාට වෙන්න තිබුන මගේ පුංචි කොෆි ශොප් එකෙන් තමයි මගේ ප්‍රදාන ආදායම් මාර්ගේ උනේ...අනාත මඩමක හැදුනු වැඩුන අම්ම අප්පා මොකාද කියලවත් නොදන්න මගේ එකම හීනෙ උනේ මගේම මහන්සියෙන් ගොඩ යන එක...ඉතින් දැන් මං යම්තාක් සාර්තකයි...හිතේ තිබ්බ හීන ඉශ්ට කරගන්න ගොඩක් කට්ට කෑවා...අද ඉන්න තැන ඉදන් පස්ස හැරිලා බලන කොට මට ඉබේටම ඇඩුනා...

අනාත මඩම කියන්නෙ තනිකරම අපායක් වෙනකොට මම සියදිවි නහ ගන්න ගිය අවස්තා එමටයි...කවුහරි මහත්තයෙක් නෝනෙක් ආවම අපිට පණ දෙන්න වගෙ කතා කරන උන්...උන් ගියාම අපිව නොමරා මැරුවා...අරක කරපන් මේක කරපන්....උන් කරන වැරදි වලට පවා අහු උනෙ අහිංසක අපිමයි....ළමා නිවාසේ අයිතිකාරයා ඕස්ටේලියාවෙ ඉන්න සුදු මහත්තයෙක්ලු..ඒ මහත්තයට පිං සිද්ද.වෙන්න අපි හොදට ඉගනගත්තත් එතනින් එහාට අපිට කිසිම දෙයක් කර ගන්න බැරිව ගියා...වෙන මොකවත් නිසා නෙවේ සල්ලි නැති කම නිසා...ජොබ් එකකට ගියත් උන් උබලට මොන ජොබ්ද කියල එලවන කොට යන එන මං නැතුව අන්ත අරසන වෙලා ඔහේ ඇවිද්දා...යන එන මං නොදැනම ඇවිද්දා...ඒම ඇවිද ඇවිද ඉන්නකොට අහම්බෙන් දැක්ක සීතම්මගේ අඩවිය තමයි අන්තිමට මට පිහිටට උන්නෙ....

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now