13 කොටස ....🖤🕊️

213 48 12
                                    

"දන්නෑනෙ.....ම්ම්...උන් කරන්නෙ ....මෙන්න මේ දේයි.......උන් දුක මරන්න කරන්නෙ මේ දේයි....බොන එක.....තමන් කවුද කියන එකත් අමතක වෙන තත්වෙට බොන එක.....බීල බීලා පපුව පුච්චන ඒ වේදනාවට තාවකාලික බෙහෙත් දීලා සදහටම නිදාගන්න ගමන ලං කරගන්න එක.......ඉතින් ඒක තමයි මාත් කරේ.........."

අප්පච්චි නේද.....ම්ම්

මම ගෞරව්ගෙන් ඇහුවා අප්පච්චිනේද කියලා....මෙච්චරවෙලාම හිත පුච්චපු ඒ දේද කියලා අහනකොට ඒ ඇස් ගැස්සුනා......ගෞරව්ගෙ උගුරු ඇටේ දෙතුම් පාරකම උඩ පහල ගියා.......එයා බය උනේ හරියට මං දැනගන්න ඕන නැති කෙනෙක් ගැන දැන ගත්තා වගේ......

ක්...කවුද.......

අප්පච්චි නිසා නේද.....මේ හැමදේම....උබව පුච්චන්නෙ....උබට කලකිරවන්නෙ...ඒ එයා නිසා නේද ගෞරව්......සමාවෙයන්....ඒත් මට ඇහුනා බන්.....උබලා කතා කරපු වචනයක් ගානෙම ඇහුණා බන්......අනේ ඇයි රත්තරනෙ ......අප්පච්චි ඇයි බන් උ-.....

මට ඉතුරු ටික කියන්න ලැබුන්නෑ.....මගේ ගෞරව් ඇවිල්ලා මාව තද කරලම බදාගත්තා......බදාගෙන මගේ උරහෙ උඩින් ඒ මූන තියාගෙන හයියෙන් හයියෙන් උස්ම ඇල්ලුවා......හැමදාමත් වගේ එකම ප්‍රශ්නෙ අහ අහ මගේ යටි හිත කෑ ගැහුවා......"ඇයි යකෝ උබව මට මීට කලින් හම්බුන්නැත්තෙ......"

ඒ හුස්ම වල බර මගෙ උරහෙට දැනෙනවා.....කොච්චර බරද කිව්වොත් උරහෙ කඩාගෙන යන්න තරම් බරයි ඒ හුස්ම.....ඒතරම් වේදනාවක් එයා උරහෙ උඩ තියන් මෙච්චර  කාලයක් ඉවසුවෙ කොහොමද කියලා හිතෙනව......

"මට දරාගන්න අමාරුයි මගෙ සදූ......අප්පච්චි මට මොනව කිව්වත් කමක් නෑ සදූ.....ඒත්  ඒ නරුමයා උබට කරදරයක් කරයි කියලා මට හරි බයයි බන්.......එයා ඔය දේවල් කියන්නෙ මං ඉපදුනු දා ඉදලමයි වස්තූ......මට දැන් එ දේවල් හුරුවෙලා.....මට බය එකම දේ උබ ගැන බං......මං උබට කට කැඩෙනකම්ම පරිස්සම් වෙයන් කියන්නෙ මේ ප්‍රශ්ණ නිසා බන්.....උබ නැත්තන් මමත් මේ ජීවිතේ අහවර කරලා යන්න ගිහින් .....ඒත් උබව දැක්ක දාම ඒ අදහස මගෙ පැනලා ඈතට දිව්ව......මට උබව නැති කරගන්න ඕන නැ....මට ඕන රකින්න.......මගෙ මැණිකව ඇස් දෙක වගේ ආරක්ශා කරගන්න......මං වෙනුවෙන්.....මගෙ පණ ගැහෙන උබෙ පපුව ආරක්ශා කර ගනින්........

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now