4 කොටස...🕊️🖤

282 65 33
                                    

"ඔහොම ඉදපන් මැණික...බලනවකො උබගේ හැටි..කන්නැද්ද ආ..මගේ හාල් මැස්සා...මෙහෙ වරෙන් මං උබව බෝල කරලා ගන්නම්...ඔහොම නවතිපිය බොල.."

එයා මට කවන්න බත් පිගානත් අරන් ගේ වටේ දුවනවා..මම එයාට ඉස්සරහින් දුවනවා..වෙනදා වගේම පුරුද්දට බත් හැන්දක් බෙදන් කන්න හදපු මගේ කනෙන් අල්ල ගත්ත එයා ගිහින් බත් කොතක් ගහන් ඇවිත් කවන්න හදන කොට මම මැරෙන්න හැදුවා..මං හිතන්නෙ මට.වඩා උසයි ඒ බත් කොත...බත් කොත දැකපු මට කන්න කලින් ඉස්මුරුත්තාවට එනකොට මම කන්න බෑනෙ ගගා ගේ වටේ දිව්වා...එයා මගේ පස්සෙන් එලෙව්වා...හරියට අපි දෙන්න තිස්සයි මුවයි වගේ වෙනකොට වෙනසකට තිබ්බෙ දුන්න අරන් යනවා වෙනුවට බත් එකක් අරන් ගියපු එක උනා..

අචුක්කෝ...අභීහ්හ්හ්හ් මට ඔච්චර කන්න බෑනෙ...පොඩි එකාගේ ආමාසේ ගැනවත් හිතපන්කෝ...

"ඇයි උබගේ ආමාශෙ පොඩිද මැණිකෙ...ඒ උනාට කමක් නැ මට පුලුවන් පොඩි ඒවා ලොකු කරලා ගන්න ඉදපන් උබට කවලා මිස අද මං යන්නැ..."

මට කුමක්තෝ සිතුන මං හිතන්නෙ...එයා පොඩි ඒවා ලොකු කරලා ගන්න දන්නවා කියලා බෙරිහන් දෙනකොට මෙච්චර වෙලා අහු මුලුවල දුව දුව ඉදපු මගේ කකුල් එක තැන හිටවුනා වගේම...මගේ මූන ජම්බු ගෙඩියක් ම වෙලා යද්දි එයා මාව අල්ල ගත්තා...

"තිරිංග තද උනාද ම්ම්ම්...මගේ හාල් මැස්සා උබ..."

අචුක්කෝ..හාල් මැස්සලු මෙව්ව දෙයියොම බලන්න ඕන ඉතිම්...තිරිංග තද උනාද අහපු එයා මාව එක අතකින් උස්සගෙන අනිත් අතේ බත් එකත් තියාගෙන ගේ ඇතුලට ආව...මාව එයාගේ උකුල උඩ ඉන්ද ගත්ත එයා ඒ කකුල් වලින් මගේ කකුල් දෙක තද කරන් බත් කට කට අන අන කැව්වා...එයා කවන කොට මම ම කනවා.වගේ නෙවේ...ඒවා හරි රසයි..සමහර විට ඒ ආදරේ රස වෙන්න ඇති...එයා කන කන කට ගානෙ මගේ නලල මුදුනට හාදු තිබ්බා..හාදුවලට පෙරේත මම බත් කටවල් විකන්නත් කලියෙන් ගිලලා දැම්මා...

වෙනදට බත් හැන්දකට වඩා නොකන මම අද මහ බත් කොතක්ම කාල තිබ්බා...ආමාශේ පැලෙයි කියලා හිතුවට එයා බඩටත් හොරා ඇස් දෙකටත් හොරා මුලු පංගුවක් ම කවලා තිබ්බා...මගේ ලෑලි බඩත් ඉස්සරහට පිම්බිලා ඇවිල්ල තිබ්බා..මට කැව්ව එයා ගිහින් එයාටත් බෙදාගෙන ඇවිත් කනකොට මම එයාගෙ උකුලෙන් පැනලා කුස්සියට එන්න ආවා..

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now