2 කොටස...🖤🕊️

362 75 7
                                    

මට හුස්ම ගන්න අමතක උනා...මට දැනුන මගෙ බඩ කොර උනා වගේ...සමනල රෑන් පිටින් බඩ ඇතුලෙ පිනුම් ගහනව වගේ දැනෙද්දි මම තුන් හාරසීයට ගැහෙන පපුව අල්ල ගත්තා....මට බය හිතුනා ගැලවිලා බිම වැටෙයි කියලා...ඒතරන් වේගෙන් මගේ හදවත කෑ ගැහුවා... මේ එයා...දෙයියනේ කියලා මට පොලවේ පය ගහලා ඉන්න හයිය දුන්න ඒ මිනිස් වෙස් ගත්ත දේවපරාණේ...එදා ඉදලා අද වෙනකම්ම එනකන් මග බලන් ඉදපු එයා ඉදලා තියෙන්නෙ මගෙ අවටමයි... ඒ කලු බෝල ඇස් දෙක...මට හුරුයි වගේ දැනුන ඒ ඇස්...කොහොමද මට අමතක උනේ ඒ මේ ඇස්මයි කියලා...එදා මේ කරපු උදව් වලට මහත්තයට මම කවද හරි ප්‍රතිඋපකාරයක් කරන්නම් කිව්ව ඒ මහත්තයා... මගේ දියුණුවේ යතුර උන ඒ මහත්තයා...මගේ දියුණුව දිහා බලාගෙන සතුටු උන ඒ මහත්තය...මං වෙනුවෙම්ම බලාගෙන ඉදපු ඒ මහත්තයා අද මගේ දියුණුව ඉස්සරහා හිටන් පොරොන්දු ඉල්ලනවා...පළමු බැල්මෙන්ම හදවතේ මුල් ඇදපු කඩුපුල් ගහේ මල් ඵල දරන්න අවසර ඉල්ලනවා...

මම කොහොමද බැහැ කියන්නෙ...අම්මා අප්පෙක්ගෙ සෙනෙහසක් නොලබපු මම...කිසිම මනුස්සයෙක්ගෙන් සෙනෙහසක් නොලබපු මම සෙනහස කියන දේට හරි ලෝබ කරා...මේ දැනෙන හැගීම මට ජීවිතේ කොතනකදිවත් නොදැනුන හැගීම්... ඒ හැගීමට අවසර දෙන්න කියලා ගැහෙන පපුව කියනකොට මොලෙත් අද හදවත එක්ක එකතු වෙලා උන්නා...දියුණුවේ යතුර උන අද මේ තැන කොන්ද පණ ඇතුව හිටන් ඉන්න හයිය දුන්න ඒ දේව පරාණෙට මම කොහොමද බැහැයි කියන්නෙ...

මම ඒ ඇස් දිහා කෙලින් බැලුවා..මූ
ණ අල්ලන්න කියල හිත කෑ ගහද්දි...හිතට ආපු බය එක්ක මම ඉස්සරහට ගත්තු අත පස්සට ගනිද්දි එයා මගේ අත අල්ල ගත්තා...මගේ ඇස් අස්සෙ දුව දුවම මගේ අත අල්ල ගත්ත...ඒ ලොකු අත් අතරට මගේ හීනි දිග අත් හිර උනා...

"මැණික...උබට ඒ වචනේ තාම බර වැඩි නම්...උබට තාම ඒ වචනෙ ලොකු වැඩි නම් කියපන්...මට උබ වෙනුවෙන් ජීවිත කාලෙම උනත් බලන් ඉන්න පුලුවන් මගේ වස්තුව....උබට මම බල කරන්නෑ..උබට ඕන තරම් කාලයක් ගනින්...හොදට හිතලා මතලා මගේ පොරොන්දුව ඉශ්ට කරපන්...මං සද රැස් යට මගේ සුදු කඩුපුල පරිස්සමට නෙලා ගන්න බලන් ඉන්නවා කියලා මතක තියා ගනින්...මම උබට හරි ආදරෙයි මගේ සුදුකඩුපුල...."

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Onde histórias criam vida. Descubra agora