15 කොටස....🕊️🖤

205 37 12
                                    

කවදාවත් නෑ......එහෙම උණුහුමක් මට අනවශ්‍යයි ගෞරව්........ඉපදිච්ච මොහොතෙම කුණු දාන බකට් එකකට හලන් ගියපු අම්ම කියන මනුස්සයා.....මට දැන් අදාලම නෑ.....ඇරත් දැන් මොකටද ගෞරව්....අවුරුදු කීයක් නම් මං ඔය නරා වලෙ දුක් වින්දද....ඔය කියන එකෙක් ආවද මාව ඕකෙන් අරන් යන්න......අන්න ඒ කාලෙ ආවනම් මගෙන් සමාවක් ලැබෙන්න තිබුනා.....හැබැයි දැන් .....දැන් අදාලම නෑ හරී......මං දන්නෑ උබ ඇයි ඔහොම අහන්නෙ කියලා.....මගේ උත්තරේ මේකයි.......ඒක ස්තීරයි....

ඔව් මට ඒ උණුහුම විදින්න ඕන උනා....අනිත් ලමයි වගේ තුරුලට ගිහිල්ලා ගුලිවෙන්න....අම්මෙ කියන්න ඕන උනා...හැබැයි ඒ...ඉස්සර.... දැන්....මට එහෙම උණුහුමක් අනවශ්‍යයි.....මං ලෝබකම් කරන්නෙ.... පූස් පැටියෙක් ගානට හොයන්නෙ දැන් එකම එක උණුහුමයි........ඒ උණුහුම අස්සෙ තමයි මං මේ දැනුත් හුස්ම ගන්නෙ.......එහෙව්කොට අම්මලාට....ආයෙ මේ ජීවිතේ ඉඩක් නෑ සුදු මහත්තයා.........

එයාගේ ඇස් ගැස්සුනේ නෑ......කියලා ඉවර වෙනකනුත් ඒ ඇස් තනි කෙලින් එකම රේකාවක මගේ ඇස් එක්ක යාවෙලා තිබුනා.....කිසිම ගැස්සීමක් වත් හෙලවීමක් වත් නැ.....
තනි කෙලින් එයා කිව්වෙ එක දෙයයි....එයාට ආයෙම එහෙම උණුහුමක් අනවශ්‍යයි කියලා......ඒ උත්තරේ ඇති මට සෑහීමට පත් වෙන්න.....මං ඒ නලලට නොදැනෙන දැනෙන ගානට හාදුවක් තිබ්බා.....

"උබව දාල යන්න හේතුවක් තිබිලා නම් ......එහෙනම්
මොකද කරන්නෙ......"

මං කිව්වනෙ....අදාල නැ.....මොන හේතුව...මොන විදියට...ඔලුවෙන් හිටන් කිව්වත් මට අම්මෙක් ඕන නෑ සුදු මහත්තයා......මට ඕන නෑ.......එයා හේතු කියන් මාව හොයන් ආවොත්...මට දෙන්න තියෙන්නෙ උබට දුන්න උත්තරේම තමයි.....මෙතෙක් කාලෙකට නොහිටපු මිනිස්සු දැන් ඕනම නැ.........ඒ හැම බැදීමක්ම එයා මාව කුණු කූඩෙක දාල ගිය දවසෙන් අහවර උනා......

"ම්ම්ම්....එච්චරයි....මට දැනගන්න ඕනා එච්චරයි....ප්‍රශ්ණ අහන්න එපා....ම්ම්....අවශ්‍ය තොරතුරක් නම් .....උබට මං අනිවාරෙම්ම කියනව.....මේක අනවශ්‍යයි......ඒක නිසා ඕන නෑ........"

ම්ම්ම්........හරි....

"ම්ම්....ඉතින්...ඒ ඇර මුකුත් නැද්ද මගෙන් අහන්න...."

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now