එනකල්ම යුග්මට අතමිටිමොලවගෙන පත බබා බැන බැන කෑ ගගහා අපූ යුගාන් බයික් එකෙන් බැහැලා කකුල් දෙක පොළොවේ ගගහා යුග්ම ඉස්සරහා හිටගෙන ඉන්නවා මූණ දෙක කරගෙන.කොල්ලාගේ සුදු මූණ රතු වෙලා ඇස් වල කඳුළුත් පිරිලා තරහාටම.
"අරන් දෙනවා..."
............
"අනේ අරං දීපං යුග්මයෝ..."
............
"මාව එක්ක පලයාං..."
............
"අරන් දීපිය මගේ milkshake එක ගල් වඩුවෝ..."
යුගාන් මේ කෑ ගහන්නේ නිකන් නෙවෙයි කකුල් දෙකත් පොලොවේ ගගහා අත් දෙකත් දෙපැත්තට වන වනා.යුග්ම නම් බයික් එකේ එනගමන් හිටපු ගල් වෙච්ච මිනිහාමයි.යුගාන් කොච්චර අතමිටිමොලවලා ගැහුවත් යුග්ම උන්නේ නොදැනුනා ගානට.ඒ උනාට කොල්ලාගෙ පිටට හොඳ ඩෑෂ් පාරවල් ටිකක් ලැබුණා මේක දැනුන් නෑ වගේ හිටියාට.
"තමුසේ පොඩි එකෙක්ද..?"
"ඔව්..මං අපේ අම්මාගේ පොඩි එකා.."
"මං තමුසෙගේ මල්ලි ඕයි..ලැජ්ජා නැද්ද මල්ලි ඉස්සරහා ඔහොම හැසිරෙන්න.."
"නෑහ්..අරන් දීපිය..අනික දැන්ද මතක් උනේ තොට මල්ලි කියලා..මෙච්චර කල් හැසිරුණේ ලොකු තාත්තා වගේනේ..හුහ්..milkshake එකක් අරන් දෙන්න කිව්වාමද මල්ලිකම මතක් උනේ තොට...මේ යුග්ම මේ ඕවට එන්න එපා හරි..දැන්ම මාව එක්ක පලයං marine mall..."
................
"එක්ක පලයං අදින්නබුබ්බකයෝ...මාව එක්ක පලයං..."
"අනේහ්...අම්මාහ්හ්..."
යුගාන් යුග්මගේ ශර්ට් එකෙන් ඇද ඇද කකුල් ගස ගස දගලද්දි කොල්ලාව පැත්තකට කරපු යුග්ම ගේ පැත්තට ගියේ යුගාන් කේන්තියෙන් පොලොවට ගගහා බෙරිහන් දෙද්දි.
බයික් එකේ සද්දෙ ඇහුනත් ඉස්සරහාට යන්න හදපු නෙහාර ගේ ඇතුලෙම හිටියේ උදේ සිද්ධිය මතක් වෙලා.මොනවද කියකිය යුගාන් කෑ ගහනවා ඇහුණත් නෙහාර ගණන් නොගෙන උන්නේ කොයි වෙලේ හරි අයියයි මල්ලි ගැටුම සමතයකට පත් කරගෙන එන නිසා.අනික යුගාන් ගැහුවත් යුග්ම කවදාවත් යුගාන්ට අත නොඋස්සන නිසා.
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...