කාමරේට ආව යුගාන් ඔහේ බලාගෙන උන්නේ හිස් හැඟීමෙන්.එයා මන්ධීර්ට ආදරේ කලේ 9 වසරේ ඉදලා..නවය වසර පන්තියේදි ඒ දැනෙන හැඟීම මොකක්ද කියන්න යුගාන්ට තේරුමක් තිබුණේ නෑ..ඒත් ටික ටික ඒක එයාට තේරුම් යද්දි එයා බය උනා කවුරු හරි ඒක දැන ගනී කියන එක..ඒ රහස එයා ආරක්ෂා කලා..ඒත් AL කාලේ මන්ධීර්ම ඒක දැන ගත්තාම...මුළු පන්තියටම ඒක විහිළුවක් උනාම යුගාන් හිත හයිය කරගෙන හැමදේටම මුහුණ දුන්නා.එයා එයාගේ ආදරේ විශ්වාස කලා.එදා ඉදන් අද වෙනකල්ම..මන්ධීර් එයාට ආදරේ කලා..අවුරුදු හතක් තිස්සේ ඒ දෙන්නා ආදරේ කලා..යුගාන් කියන්නේ මන්ධීර්ව ඇස් දෙක පියන් විශ්වාස කල කෙනෙක්..එයාට දැනුන මන්ධීර්ගේ ආදරේ හැමදේටම වඩා විශ්වාස කල කෙනෙක්..වෙන අය එක්ක ඉද්දි ඊර්ෂ්‍යාවට රණ්ඩු කලාට මන්ධීර් එහෙම එයාට ද්‍රෝහි වෙන්නේ නෑ කියලා මුළු හදවතින්ම විශ්වාස කල කෙනෙක් යුගාන් කියන්නේ..
මන්ධීර්ගේ ආදරේ විශ්වාස කල යුගාන් හීනෙකින්වත් වෙන මනුස්සයෙක් දැක්ක කෙනෙක් නෙවෙයි..එයාගේ ආදරේ..එයාගේ එකම ආදරේ මන්ධීර්..අද මන්ධීර් අහපු දවස් ගැන යුගාන්ට තිබුණේ හරි පැහැදිලි මතකයක්..ඒ එක දවසක තියා වෙන දවසකවත් එයාට සේසත් එක්ක කිසිම ළඟ සම්බන්දයක් තිබුණේ නෑ..ෆිල්ම් එකක් බලන්න ගිය දවසේ ඇරෙන්න..එදා ඒ දෙන්නා වාඩි වුණේ එක තැන.ඒත් යුගාන්ට ඕනි තැනක් දිව්රන්න පුළුවන් සේසත් එදා එයාට එයාගේ හුස්මක්වත් වැදෙන්න දුන්නේ නෑ කියන එක.එදා හවස මන්ධීර් එයාව pick කරන්න එනකල් යුගාන් ළඟට වෙලා උන්නේ සේසත්..ඒක මන්ධීර්ත් නොදැක්කා නෙවෙයි..30 වෙනිදා උන බ්‍රහස්පතින්දා දවසේ සේසත් ක්ලාස් කලා හවස AL පන්තියට..එදා ඒ දෙන්නා එකම එක වතාවකට වොෂ් රූම් එකේදි අහම්බෙන් මුණ ගැහිලා එහා මෙහා කර ගත්තු වචන දෙක තුනක් ඇරෙන්න වෙන කිසිම දෙයක් උනේ නෑ.සේසත් එයා ගැන කැමැත්තෙන් උන්නා..ඒක යුගාන් දැනන් උන්නා.ඒත් එයා වචනෙකින්වත් සේසත්ට බලාපොරොත්තු දුන්න කෙනෙක් නෙවෙයි.එයා සේසත්ව හම්බවෙන හැම මොහොතකම මන්ධීර් ගැන ආදරෙන් මොනවා හරිම දෙයක් කිව්වා..එයාට කෙලින්ම සේසත්ව ප්‍රතික්ෂේප කරන්න බෑ සේසත් එයාගේ හැඟීම් යුගාන්ට නොකියුව නිසා.ඒත් යුගාන් කිසිම වෙලාවක සේසත්ට බලාපොරොත්තු දෙන විදිහට හැසිරුනේ නෑ..
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...