යුග්ම නිවාඩු දවසකට පස්සේ වැඩට ආවේ ප්‍රබෝධමත්ව.එයාට වෙනදාට වඩා සැහැල්ලුවක් දැනුනා.හිතේ තිබුණු ලොකු බරක් නිදහස් උනා වගේ හැඟීමක්.
I get up, I get down, all my world turns around
Who is right? Who was wrong? I don't know
I've got pain in my heart, got a love in my soul
Easy come, but I think easy goI need you so
All the times I move so slowCheri, cheri lady
Goin' through a motion
Love is where you find it
Listen to your heart..යුග්ම එයාගේ ගැඹුරු කටහඩින් මුමුණමින් තනියම හිනා වෙවි රථවාහන අංගනයේ සිට එළියට ආවේ සැරින් සැරේ ඔලුව පිටුපසත් කසන ගමන්.
සාධාරණයි..කොල්ලාට මතක් වෙනවා අයුක බකල් ගගහා ඇවිදිනකොට යුග්ම සවුත්තුවට ගහපු විශිල් පාරට අයුක රතු වුණු විදිහ, ඊයේ හවස් වරුවේ යුග්ම තනියම බියර් එකක් බොද්දි ඒ අහල පහළ හොරගල් අහුලපු අයුක අන්තිමට ඊයක වේගෙන් ඇවිත් යුග්ම ළඟ හිටගෙන පුටුව පහුරු ගාපු විදිහ, බොන්න ඕනි ද අහද්දි..නෑ ඔයා සින්දු කියන විදිහ අහන් ඉන්න ඕනි කිව්ව විදිහ..අන්තිමට යුග්මගේ උරහිසේම නිදා ගත්තු විදිහ..ඕවා මතක් වෙද්දි කොල්ලාට තනියම හිනහා නොගියොත්නේ පුදුමේ.
Oh, I cannot explain, every time, it's the same
Oh, I feel that it's real, take my heart
I've been lonely too long, oh, I can't be so strong
Take the chance for romance, take mhh..."සර්.."
යුග්මගේ මනෝ ලෝකේ එහෙමම බිඳ වැටුනේ එක පාරටම එයා ඉස්සරහාට කඩා වැදුණු මනුස්සයෙක් දිහා උනත් ඔලුව උස්සලා හරියට බලපු යුග්ම දැක්කේ මයික් පහා හයක් එයාගේ පැත්තට දිගු කරගෙන ඉන්න මාධ්‍යවේදින්ව.
" ඔයාලාට කවුද permission දුන්නේ මෙහෙට එන්න..?"
" මේක පොදු ස්ථානයක්.."
" Oh really..කවද්ද යුග්ම ප්‍රාණව් වික්‍රමසිංහ යටතේ තියන දේවල් පොදු දේපල උනේ..මේක මගේ තැන..මෙතනට එන්න අවසර තියෙන්නේ ලෙඩ්ඩුන්ටයි..එයාලාගේ පවුල් වල අයටයි..මේක කොහෙත්ම මගේ අවසර නැතිව media වලට ඇතුළු වෙන්න පුළුවන් තැනක් නෙවෙයි..So please get out..."
යුග්ම වට කර ගත්ත මාධ්‍යවේදීන් මැද්දට ආපු හසිත එයාලව පැත්තකට කරන්න හැදුවත් යුග්ම එයාලත් එක්ක හොදින් උනත් අවධාරණාත්මක හඬින් කතා කරලා යන්න කිව්වේ හසිත යුග්මගේ ආරක්ෂාව ගැන හොඳටම අවදානයෙන් ඉද්දි.ඒත් ඉස්සරහාට තිබ්බ අඩිය ඊළඟ අඩියට තියන්න කලින් නැවතිලා යුග්ම බෙල්ල විතරක් පිටිපස්සට හරවලා බැලුවේ මාධ්‍යවේදීන් ආයෙමත් එයාව වට කර ගනිද්දි.
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...