ජනාකීර්ණ නැති පැත්තක Lake එකක් අයිනේ ගස් වලින් වට වුණු වටපිටාවක් එක්ක දැවයෙන් තැනුන පුංචි cottage එකක්..
රෑ එළි වෙනකල් ආපු ගුවන් ගමනකින් පස්සේ විනාඩි තිහක විතර car ride එකක අවසානේ මන්ධීර් කාර් එක නැවැත්තුවේ ඒ වගේ තැනක..යුගාන් නම් භාගෙට නිදිමතේ නිදි කිර කිර උන්නේ.
ඒත් මන්ධීර් නම් උන්නේ එයාගේ ඇස් ඉස්සරහා පේන මේ දර්ශනය නිසා වෂී වෙලා..උදේ පාන්දර සීතල රටක් නිසා තාම මීදුමවත් පහව ගිහින් නෑ.
" Wow..බබා..යුග්මගේ selection නම්.."
කාර් එකෙන් බැහැලා ඇගමැලි කඩන යුගාන්ගේ දිහා බලපු මන්ධීර් කිව්වේ ඇස් එයා දකින දේවල් වලින් ඉවතට ගන්නේ නැතිව.
" සීතලයි.."
" යමු ඇතුලට.."
යුගාන්ගේ අතින් අල්ල ගත්තු මන්ධීර් එයාට security දුන්නු key card එකෙන් දොර ඇරියේ යුගානුත් ඇස් ලොකු කරන් ඒ දිහා බලද්දි.
"Wowwww..."
යුගාන් කිව්වේ ඒ cottage එකට ඇතුළු වෙන ගමන්.
" ධීරූ...අනේ...bed එක තියෙන්නේ open area එකකනේ.."
වෙන් නොවුණු කාමරයක් නැතිව open first floor එකක තිබුණු ඇඳ දිහා බලාගෙන යුගාන් කිව්වේ කට ඇද කර ගන්න ගමන් වෙද්දි මන්ධීර් කලේ කට කොනින් හිනා වෙන ගමන්.
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...