Chapter 58

6.6K 733 154
                                    

පැයක් ගත වෙලා ප්‍රතාප් තාමත්  එහාට මෙහට ඇවිදිනවා.මන්ධීර් නම් උන්නේ උහුලන්න බැරි කේන්තියෙන්.පොරට ඔලුවේ කැක්කුමයි මේ ප්‍රතාප්ගේ ඇවිදිල්ල..ඒත් මන්ධීර්ට දැන් ඊට වඩා කරන්න දෙයක් තිබුණා

සිහිය ඇවිත් උන්න නෙහාරට අඩනවා ඇරෙන්න වෙන වැඩක් නැති වෙද්දි ප්‍රතාප් නම් නෙවෙයි හැරිලාවත් බැලුවේ..හැබැයි මන්ධීර් නෙහාර ළඟම වාඩි වෙලා නෙහාරගේ ඔලුව අතගෑවා.සැරින් සැරේ මනමේන්ද්‍රත් නෙහාරගේ හිත හැදෙන්න දෙයක් කිව්වත් ඒකෙන් වෙන්නේ නෙහාරගේ ඇඩිල්ල වැඩි වෙන එක.නෙහාර අඩ අඩා උනත් ප්‍රතාප්ට බැන්නා..

" මං ඕකයි මගේ දරුවෝ දාලා යන්න අකමැති උනේ දෙයියනේ..අනේ..මගේ දරුවා...මං කිව්වා...මං කිව්වා...ඔයාටයි ඕනි උනේ ප්‍රතාප්..."

" මං අම්මානේ දෙයියනේ...මං අම්මානේ...මං කොහොමද උහුලන්නේ...රිදෙන්න අල්ලලාවත් නෑ මං මගේ දරුවාව..මගේ නොදරුවා...කොහොමද දෙයියනේ මේ අපරාදේ කෙරුවේ..."

" ඇයි ප්‍රතාප් උඹට මාව කුදලගෙන රුසියාවේ යන්න ඕනි උනේ..මං උන්නා නම්..මං උන්නා නම් මෙහෙම වෙන්නේ නෑ...ඇයි යකෝ මාව එක්කන් ගියේ..."

" මං මොකක්ද දැන් කරන්නේ දෙයියනේ...ප්‍රතාප්...මට මගේ දරුවාව..."

නෙහාර නැගිටලා ප්‍රතාප් ළඟට එන්න හැදුවත් ප්‍රතාප්ගේ බැල්ම එක්ක නෙහාර උන් තැනම ගල් උනා.

" කට වහාගෙන ඔතන ඉදගෙන ඉදපං..අඩන්න ඕනි නම් අඩපං..හැබැයි වචනයක් මට ඇහෙන්න බෑ..මගේනේ වැරැද්ද..මං ඒක හදන්නම්.."

" කොහොමද..? කොහොමද හදන්නේ...? දැන් කොහොමද යකෝ හදන්නේ..?"

ප්‍රතාප් ආයේ මොකුත් කිව්වේ නෑ..ප්‍රතාප්ගේ ඇගට පනින්න ගිය නෙහාරව මන්ධීර් අල්ලාගෙන පුටුවේ ඉන්දුවා.

ආයෙම..එහාට..මෙහාට...එහාට..මෙහාට...නෙහාරගේ ඉකිගසන හඬ එක්ක මනමේන්ද්‍රගේ සැනසිලිදායක වචන..හැබැයි ඔය එක දෙයක්වත් ප්‍රතාප්ට ඇහෙන්නේ නෑ.ප්‍රතාප්ගේ කන් වලට ඇහෙන එකම දේ උනේ එයාගේ සපත්තු පොලොවේ ගැටෙන හඩ විතරමයි..ප්‍රතාප් මේ කකුල් රිදෙනකල් එහාට මෙහාට ඇවිදින්නේ එයාගේ හිස් වෙලා ගිය මනස ආයෙම යථාතත්වෙට ගන්න.ප්‍රතාප්ගේ හිස් වෙලා තිබුණු මනසේ දැන් ටිකකට කලින් නෙහාර කියපු සමහර වචන විතරක් ආයෙම ආයෙම ඇහෙනවා.

යුග් (නුඹ වෙනුවෙන් Season 2)Where stories live. Discover now