01.

87 9 27
                                    

" ගුඩ් මෝර්නින්ග් ළමයි "

ගුරුවරයෙක් හිටියත් එක ළමයෙක් නෙමෙයි ඇහැක් අරල බැලුවේ එයාලා එයලගේ වැඩ ඒ අතරේ එක ළමයෙක් විතරක් නැගිටලා ගුඩ් මෝනින්ග් කිව්වා. ඒත් එක්කම සර් මුළු ඉස්කෝලෙට ඇහෙන්න බන දේශනා කරන්න පටන් ගත්තා

"සොහි විතරද මේ පන්තියේ ඉන්න එකම ළමයා. මේ ළමයිට පන්තියට කවුද ආවේ කියලා බලන්නවත් සිහියක් නෑ. මගේ කරුමෙට මට මේ පන්තියම අහු වුණා නේ.

ලබන අවුරුද්දේ නම් මේ පැත්ත පළාතේ එන්නේ නෑ."

හැම ළමයෙක් ම මේ වෙලාවේ හිතන දේ

...අපො අදත් පටන් අරගෙන...


"අනේ සර් ඔයා උගන්නකොට විතරයි නේ මට තේරෙන්නේ."

සෝහි එහෙම කියනකොට පන්තියේ පිටිපස්සෙන් හිටිය කට්ටිය මොනදෝ කතා කර කර හිටියා.

"අපො අර කෙල්ල පැද්දෙන විදිහට ඔරුවක දාලා යවන්න හිතෙනවා"

"කෙල්ලෝ කොහොමත් එහෙමනේ හයුන්ජිනෝ. ඔය කෙල්ල නිසා තමයි සර් යන්නේ නැත්තේ"

හන් එහෙම කියනකොට සන්ග්මින් බැලුවේ තාම කියවන සර් දිහා

" මේ සර් යනවනම් අපිත් ආසයි නේද කොල්ලනේ "

"එකෙන්ම සහෝ"

ෆීලික්ස් එහෙම කියනකොට පොතත් අතින් අරගෙන පාඩම කරන්න ලැස්තිවෙලා හිටපු සර්ගේ රතු කට්ට පැනල තද රතු වෙලා තිබ්බේ ළමයි හැමෝම තමන්ගේ වැඩ නිසා.

හැමදාමත් සර් ට highlight වෙලා පේන්නේ මේ හතර දෙනාව.

"හයුන්ජින් කෝ පොත "

"සර් හ්යුන්ජින් ඊයේ ගෙදර යනකොට පොත වතුර වළකට වැටිලනේ තමා වේලිලා නෑලු "

හයුන්ජීන් වෙනුවට කිව්වේ ෆීලික්ස්. දැන් නම් සර් ට පුදුම විදිහට කෙන්ති ගිහිල්ලයි තිබුණේ.

"බොරුවක් කියන විදිහක් තියෙනවා මෝඩයො"

ඒ අතරේ හන් ෆීලික්ස් ට විතරක් ඇහෙන විදිහට කිව්වේ ෆීලික්ස් හන් දිහා බලලා රවද්දි. මේ වෙලාවේ ළමයි හැමෝම හිතන දේ

...අයියෝ දැන් ආයෙත් දේශනාව පටන් ගනී වගේ ...

"ඔයාලා හැමෝටම පොත් ගේන්න බැරි මගේ period එක වෙලාවට විතරයි "

ɪɴsᴇᴘᴀʀᴀʙʟᴇ ||sᴛʀᴀʏ ᴋɪᴅs|| ongoing Where stories live. Discover now