08.

23 4 28
                                    

දවස් දෙකක්ම ගිහිල්ලා...අද සඳුදා දවස... හැමෝටම ගොඩක් ස්පෙෂල් දවසක්...අද තමයි එක්සෑම් ආරම්භ වෙන දවස. හැමෝම ආස නැතිම දවස.....ළමයි හිටියේ සාමාන්‍ය විදිහට ස්කෝලෙ යන ගමන්.

බංකු උඩයි බැමි උඩයි ගස් උඩයි නැගගෙන අනිත් ළමයි පොත් කාගෙන පාඩම් කරනවා. තව ළමයි කලින් පාඩම් කරන් ඇවිල්ලා ගේම දෙන්න වගේ කකුලක් උඩ කකුලෙන් දාලා පැත්තකට හිනාවකුත් දාගෙන බලන් ඉන්නවා. ගොඩක්ම කෙල්ලෝ තමයි මේ ගණයට අයිති වෙන්නේ. සමහර ළමයි පාඩම් කරලා නැතුව බයේ ගැහි ගැහී ඉන්නකොට තවත් ළමයි වර්ගයක් ඉන්නවා උලත් එකයි පිලත් එකයි කියලා පොතක් අතින් අල්ලාලවත් නැතුව ගැමමෙන් ඉන්නවා.

"යෝ යෝ... දෙන්නම් පේපර් එකට අද... පොල් රොටියක් වෙන්නම...අවුරුදු දාසයකට ඉස්සල්ලා පාඩම් කරපුවා තාම මතකයි...."

ෆීලික්ස් එහෙම කියාගෙන කැන්ටින් එකේ ඉඳන් අයිස් ක්‍රීමක් කන ගමන් දුවගෙන ආවේ කතාවට වීරයා එන්ටර් උනා වගේ.

"මුලින්ම කියලා ඉන්න අවුරුදු දාසයකට කලින් අ යන්න ඉගෙන ගත්ත ටිකද මතක...."

ෆීලික්ස් කිව්වොත් කියන්නේ තේරුමක් නැති කතාවක්. හයුන්ජින් එහෙම කිව්වේ ෆීලික්ස් අවුරුදු දාසයකට කලින් තොත්ත බබා වගේ සුප්පුවක් කටේ ගහන් ඉඳලා මොනවා මතක තියගෙනද කියලා හිතාගන්න බැරුව. කොල්ලගේ හැටියට පොඩි කාලේ ඉඳන් මොනා දන්නවද දන්නෑ...

"අනේ දෙයියනේ....මොකද්ද මේ... එතකොට කවුද මේ ආතර් සි ක්ලාක් කියන්නේ..."

සුන්ග්මින් කොන්ඩේනුත් ඇද ඇද උඩ පැන පැන හිටියේ. හිස්ට්‍රී මැත්ස් සයන්ස් මේ ඔක්කොම පැටලිලා සුන්ග්මින්ගේ ඔළුවට සමනල් ගැට හතක් වැටිලයි තිබ්බේ. ඉතිහාසය සර් ලකුණු එනකන් බලන් ඉන්නේ මේ කට්ටිව බාල්කේ එල්ලන්න. ෆීලික්ස් හයුන්ජින් හන් තුන්දෙනාම කිසි ගානක් නැතිව හිටියට සුන්ග්මින්ගේ ඔලුව රත් වෙලයි තිබ්බේ.

"ඒ අර පොල් ගෙඩියක් ඔළුවට කඩන් වැටුන පොර නේද..."

"නෑ leeknow හ්‍යුන් කඩා ගෙන වැටුණේ ඇපල් ගෙඩියක්....ඒත් එයා තාරකා විද්‍යාඥයෙක් හ්‍යුන්..."

Leeknow ලොක්කා වගේ මැදට පැනලා කියනකොට පොඩි jeongin හරි අහිංසක විදිහට එක පොල් ගෙඩියක් නෙමේ ඇපල් ගෙඩියක් කිව්වා. පව් ලොකු අයියට ලැජ්ජාත් හිතුණද මන්දා.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 24 ⏰

Add this story to your Library to get notified about new parts!

ɪɴsᴇᴘᴀʀᴀʙʟᴇ ||sᴛʀᴀʏ ᴋɪᴅs|| ongoing Where stories live. Discover now