07.

46 4 26
                                    

7.00 am...

"හයුන්ජිනෝ සීනි බෝලේ නැඟිටිනවා....changbin හ්‍යුන් , lee know හ්‍යුන් නැගිටින්න අපි ඉස්කෝලෙ යන්නේ නැද්ද....."

මේ උදේ ම බෙරිහන් දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි ෆීලික්ස්.

"මොකෝ මේකාට යකා අවේශ වෙලාද leeknow හ්‍යුන් බලනවකෝ...."

නින්දෙම්ම හන් ෆීලික්ස්ට බනිනවා.

"ඈ......හ් මෙන්න හෝ හොල්මන්...."

"උදේ පාන්දර කොහෙද හ්‍යුන් හොල්මන්..."

"යනවා මගේ ලගින් යනවා ශෝ... ශො..."

"දැන් මොකෝ තමුන්ලා බෙරිහන් දෙන්නේ..."

"බලන්නකෝ changbin මේකා මගේ අස්සේ රිංගගෙන ඒ මදිවට කන අස්සේ ඉඳන් කෑ ගහනවා..."

" අනේ මෝහිනි ආවනේ හ්‍යුන්....
එයා කිව්වා බබා ටිකක් නලවන්න කියලා...අනේ ඉතින් මන් බබා නලවන්න දන්නෙත් නෑ ඒ බබා අඬන්න ගත්තා එයා මට ගැහුවා නේ..."

මේකයි වෙලා තියෙන්නේ අද නිවාඩු දවසක් කියලා අමතක වෙලා උදේ 7.00 ට නැගිටලා ෆීලික්ස් , හැමෝවම නැගිට්ටවන්න ගත්තා. ඒ අස්සේ රෑ තිස්සේ හොල්මන් වලට බය වෙලා හන් leeknow ගේ ඇදට ඇවිල්ලා.

"සාමාන්‍යයෙන් මෝහිනි ගේ බබා අඬන්නේ එයාගේ තාත්තා දැක්කමලු අත්දැකීමෙන් කියන්නෙ"

ඒ කිව්වේ සුන්ග්මින්. හන් නම් හිටියේ සුන්ග්මින්ව මරන් කන්න තරම් කේන්තියෙන්. තාම ඉස්කෝලේ යන අහින්සක කොල්ලව මෝහිනි ට එහෙම දෙන්න පුලුවන්ද....

"ඔක්කොමත් හරි ෆීලික්ස් මොකද තමුන් බෙරිහන් දෙන්නේ...."

"අනේ changbin හ්‍යුන් අද ඉස්කෝලේ නැද්ද..."

"අනේ ඉතිං මන් කියන් නෑ....."

"අද නිදියගන්න තිබ්බ දවසේ වත් ඉන්න දෙන්නේ නෑනේ..."

හයුන්ජින් කොට්ටෙන් ඔලුව වහගන්න ගමන් කිව්වා.

"ඉතින් ටිකක් වේලාසනින් නැගිට්ටොත් අවුලක් වෙනවද..."

තව පැය දෙක තුනක් විතර ගියා. හැමෝම නැගිටලා නාලා කාලා බීලා ආයෙත් රූම් එකට ඇවිල්ලා එක එක වැඩ කර කර හිටියේ.
ඒ අතරේ සුන්ග්මින් පාඩම් කරන්න පොතක් අතට අරගෙන ෆීලික්ස් වත් බදාගෙන අඬන්න ගත්තා.

ɪɴsᴇᴘᴀʀᴀʙʟᴇ ||sᴛʀᴀʏ ᴋɪᴅs|| ongoing Where stories live. Discover now