05.

48 6 43
                                    

"ඒ මොකද වුණේ....මොකෝ මේ බිම බඩ ගන්නේ...."

දුවගෙන ආව හයුන්ජින් එහෙම කිව්වේ බිම වැටිලා ඉන්න හන් දිහා බලාගෙන.

" මොනා වෙන්නද මයි පශ්චාත් ප්‍රදේශය හිට් ද ෆ්ලෝර් "

මේ වගේ අවස්ථාවක හිනා වෙලත් බෑ නොවිත් බෑ. හන් බිම වැටුණේ කකුල් දෙකත් දෙපැත්තට කරගෙන එක අතකුත් කඩගෙනම. වැටිච්ච පාරට මොලේත් එක්ක හෙල්ලුණාද කොහේදෝ. හැමෝම ඉස්සරහ හින්දා නම්බුව ලෙෆ්ට්. පිට්ටනියේ හිටිය හැමෝම බලන් ගියේ මොකද වුණේ කියලා. තව අය හිනා වුණත් එක්ක. මේ වගේ අවස්ථාවක කවුරු වුණත් අසරණයි. තාම හිටිය විදිහටම උඩින් පහත් වෙලා වගේ හිටිය හන්ව සුන්ග්මින් ගිහිල්ලා ඉස්සුවා.

"අනේ..... අනේ.....මගේ අත....ආව්...ආව්....මරන්නද යන්නේ මනුස්සයෝ.....කොන්දත් එක්ක රිදෙනවා....අයිෂ් මටමනේ මේවා වෙන්නේ ..."

"අනේ මෝඩයො අත ටිකක් පැනලා විතරයි ඕකට මැරෙන්නේ නෑනේ "

එහෙම කිව්වේ එතන හිටිය අනිත් කෙල්ල.

"අනේ මේ....කොටට කොටේ කියවන හැටි විතරක් ගිහිල්ලා පොතක් බලාගන්නවා"

හන් හිනාවකුත් දාගෙන කිව්වේ අර කෙල්ල දාගෙන රවනකොට 

"අනේ මේ එන්න එපා හරිද මට මොනවත් කියන්න දන්නේ නෑ මගේ හැටි..... අ...නේ ..මන් ක...තා කර...ලා ඉව...ර නෑ..."

කටර් එකක් වගේ කටක් තියන කොටට කොටේ ඉන්න මේ කෙල්ල කියවගෙන යනකොට එතන හිටිය අනිත් කොල්ලා ඒ කෙල්ලවත් ඇදගෙන යන්න ගියා. හන්ටත් සොරි කියාගෙනම. උදේ ආව වෙලාවෙම අතත් කඩාගෙනම මුළු හත් මුතු පරම්පරාවට බනින ගමන් හන් අනිත් අයත් එක්කම ක්ලාස් එකට ගියා. හයුන්ජින් කිව්වේ ගිහිල්ලා සිද්ධාලේප ගාමු කියලා ඒත් පන්ඩිතකමට හන් එපා කිව්වා......

ඔන්න ඔහොම පැයගණන් ගෙවිලා ගියේ කවුරුත් නොහිතපු තරම් වේගෙන්. හයුන්ජින් , සුන්ග්මින් , ෆීලික්ස් තුන්දෙනාම හන්ගේ නොට් එක ලිව්වා හන් නම් ඉතින් ක්ලාස් එකට ගිය වෙලාවේ ඉදලා කටත් ඇරන් නිදි. ඔන්න ඉතින් එදත් මේ කට්ටිය හිස්ට්‍රි සර්ගෙ ලොකු දේශනාවකට සවන් දුන්නා.........කට්ටියක් මොකක් හරි දෙයක් ගැන කතා කරනවා මේ සෙට් එකට ඇහුනා ඉතින් ඕපදූපයක් අහන් නැතුව දවසෙන් වැඩක් නෑ වගේ මෙයාලගේ කය පුටුවේ ඉඳන් හිටියට සිතයි කනයි දෙකම තිබ්බේ අර කතාව ළඟ...

ɪɴsᴇᴘᴀʀᴀʙʟᴇ ||sᴛʀᴀʏ ᴋɪᴅs|| ongoing Where stories live. Discover now