04.

69 5 15
                                    

....Boarding room 21 ( කොල්ලො කට්ටියගේ රූම් එක ) ....


" අනේ මෙහෙමත් හරකෙක්......ෆීලික්ස්................."

උදේ පාන්දරම ඇහුන  Changbin ගේ කෑ ගැහිල්ල නිසා හැමෝම ඇහැරුනා. ෆීලික්ස් ඇදෙනුත් බිමට වැටුණා.

" මොකද හ්‍යුන් බෙරිහන් දෙන්නේ.....මගේ කොන්ඳත් කැඩෙනවා තව පොඩ්ඩෙන්....."

"මොකද කියලා අහන්නේ වේලාව බලනවා තමුන්ලා ඉස්කෝලේ යන්නේ නැද්ද අද...."

Changbin කියනකොට තමයි හැමෝම වේලාව බැලුවේ....

" Omg 7.23 a.m...... elarm එක ඇහුනේ නෑනේ...."

හයුන්ජින් කියනකොට තමයි ෆීලික්ස් ට මතක් වුණේ එයා elarm එක තිබ්බේ නෑ කියලා. Changbin උදේ පාන්දර කෑ ගහන්නේ ඕක නිසා.
එයා මේ සෙට් එකේ ඉන්න වැඩිමලා හින්දා රාජකාරි වැඩියි. මේ රාජකාරිය changbin ගේ අතේ තියෙන එකම ලොකු ප්‍රශ්නයක්. පොඩි අය හැදෙන්නත් ලොකු අය හැදිලා ඉන්න ඕනේ. මෙතන ලොකු එකා පිස්සු නටනකොට පොඩි අය ගැන කතාකරලා වැඩක් නෑ. පවු අසරණ jeongin මේ කොල්ලො එක්ක ඉදලා ඒ අහිංසකයත් නරක් වෙනවා.

" ෆීලික්ස් තමුන් නම්......... රෑ දොළහ වෙනකන් tiktok බලන්න පුළුවන් elarm එක තියන්න බෑ..."

Changbin ට නම් හොඳටම තරහා ගිහිල්ලා .

" හ්‍යුන් ඔච්චර තරහා ගන්න එපා වයසට යයි....මට අමතක වුණා ඉතින්... එක මගේ වැරද්දක් නෙමෙයි මගේ මතකේ වැරද්දක්....."

ෆීලික්ස් ට නිදහසට කාරණා කෝටියක් විතර තියෙනවා ඒක නිසා එයත් එක්ක රණ්ඩු කරලා වැඩක් නෑ....

මෙතන එක යුද්ධයක්........

" හන් එනවකෝ ඉක්මනට bathroom එකේ පැලවිලාද...."

ඒ අතරේ bathroom එක ඉස්සරහ පෝලිම.
හයුන්ජින් bathroom එක ඉස්සරහ හිටගෙන අරගල කරන්නේ හන් bathroom එකෙන් එලියට එන්නේ නැති නිසා.

" ආහ්........මගේ මේස් එකක් නෑ....ගත්ත එකා හොදහිතින් දෙනවා..... එහ්... සුන්ග්මින් ඕක මගේ මේස් එක "

ෆීලික්ස් , සුන්ග්මින් මේස් එකකට රණ්ඩු වෙනවා.

" ඔයාගේ වෙන්නේ කොහොමද මේ මගේ එක"

ɪɴsᴇᴘᴀʀᴀʙʟᴇ ||sᴛʀᴀʏ ᴋɪᴅs|| ongoing Where stories live. Discover now