ටේහියුන් ගෙ ඔලුව පැලෙන්න වගේ , කලිනුත් ඩ්‍රින්ක්ස් අරන් තිබ්බට මොකට ටේහියුන් අනිත් හැම දවසකම වගෙ හිතාගත්තා ආයෙ නම් ඕවර් ඩ්‍රින්ක් ගන්නෙ නෑ කියලා"ඔයා නැගිට්ටාද ......
ටේහියුන් එක ඇහැක් ඇරියා.එයා තාමත් ඉන්නෙ බිම..කවුරුහරි ඉස්සරහ තියන සෝෆා එක උඩ වාඩිවෙලා ඉන්නවා ටේහියුන් දැක්කා.
"තමුන් තාම මේකෙද...යනවා මං කිව්වනේ...තමුන් ජන්කුක් නෙමේ කියලා ......
ටේහියුන් ට බොද උන ඇස් වලින් පෙනුනා සෝෆා එක උඩ හිටිය කෙනා නැගිටිනවා.එයා ටිකක් ටේහියුන් ගෙ ලගට එනවා..
"මං තමුසෙ එක්ක ආයෙ කතාකරන්නේ නෑ මෝඩයා....
ටේහියුන් ට දැනුනා කෙනෙක් එයාගෙ ඔලුවට ගහනවා.ඒක රිදුන්නෑ..ඒ වෙනුවට කෙනෙක් එයාව බදාගත්තා..හුගක් තදේට...
" ඇයි මේ.....
ටේහියුන් මුලින් එයාව බදාගත්ත කෙනාව එහාට කරන්න උත්සාහ කරත් එයාට දැනුනා ඒ කටහඩ...ඒ සුවද...ටේහියුන් ට නිවීමක් දැනෙන එකම නැවතීම..
ටේහියුන් ජන්කුක් ට ගුලි උනා..
"මං පාලුවෙන් හිටියේ ජන්කුකී...මං ලෑස්ති වෙලා හිටියෙ නෑ ඔයා නැති ජීවිතයක් ගත කරන්න....
ජන්කුක් ටේහියුන් ව බදාගනම හිටියා.ටේහියුන් එයාට ඇත්තටම කැමති ඇතිද..ජන්කුක් තාම පොඩි..එයා යුනිවර්සිටි පටන් ගත්තා විතරයි.එයා ඊට කලින් රිලේශන්ශිප් එකක් ගැන හිතලා තිබ්බෙ නෑ..එයා දන්නෑ ආදරේ කියන්නෙ මොන වගෙ හැගීමක්ද කියලා.ජන්කුක් හැම තිස්සෙම බලාපොරොත්තු උනෙ අම්මගෙයි තාත්තගෙයි ආදරේ..එතනින් එහාට එයා ආදරයක් ගැන හිතුවෙ නැ..