chapter 18

653 169 96
                                    

"එයා එයාගෙ අම්මා වගේමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එයා එයාගෙ අම්මා වගේමයි...

ටේහියුන් ජන්කුක් ගෙ සීයා තාත්තා ටේහියුන් ගෙ අතින් තිබ්බ ෆොටෝ ඇල්බම් එක දිහා බලාගෙනම හිනා වුනා.

"එයා හිටියනම් එයාගෙ දරුවව දැකලා නොසෑහෙන්න සතුටු වෙයි...මගෙ අහිංසකී හිතන් හිටියේ ජන්කුක් මැරුනයි කියලා..

"සර් එතකොට කවුද ජන්කුක් ට එයාගෙ අම්මගෙ නමින් සල්ලි යැව්වේ...

ටේහියුන් ඇහුවෙ මේතරම් වෙලා හිතෙ තිබ්බ ප්‍රශ්නයක්..

"මං දන්නෙ නැ ටේහියුන් ....අනික ජන්කුක් මැරුනයි කියලා පෙන්නන්න උවමන උනෙ කාටද කියලත් මට හිතාගන්න බෑ....

ජන්කුක් ගෙ සීයා ඔලුව තදින් තෙරපද්දි ටේහියුන් වයසක මහල්ලාගෙ පිටට තට්ටු කරා.

"බයවෙන්න එපා සර්...දැන් ජන්කුක් සර් ලගනේ..මං හොයාගන්නම් කවුද මේ දේවල් කරෙ කියලා ...

"වැලලුනු අතීතෙ දේවල් උඩට නොගන්න තරමටම හොදයි..අනික ඔය දරුවා කිව්වා නේද ජන්කුක් ව මරන්න කීප සැරයක් උත්සාහ කරා කියලා....

ටේහියුන් ඔලුව වැනුවා.

"සර් ට සැකයක් තියන කවුරුහරි ඉන්නවද..

"අනාත නිවාසෙ කාටවත් කරදරයක් නොකරන දරුවෙක්ව මරන්න කාටද උවමනා ටේහියුන්...අනිවාර්යයෙන් ම  ඒ කෙනා ජන්කුක් ගැන දන්නවා..ජන්කුක් ට වෛර කරන්න හේතුව අපෙ පවුල් පසුබිම වෙන්න පුලුවන් ....

"එතකොට...

"ජන්කුක්ගෙ තාත්තා .....

සීයා ටේහියුන් දිහා බැලුවා..

"දන්නවද කවුද කියලා...

සීයා අහද්දි ටේහියුන් ඔලුව වැනුවෙ නෑ කියන්න..ඒත් එක්කම සීයා පෙන්නපු දෙයක් නිසා ටේහියුන් ගෙ ඇස් ලොකු උනා.

Infidelity |taekook Where stories live. Discover now