chapter 39

555 130 24
                                    

.අයියෙ මේ ඉන්නෙ අයියගෙ දරුවා...හේවොල් මේ ඉන්නෙ ඔයාගෙයි මගෙ අයියගෙයි දරුවා...මං එයාව ඔයාලා දෙන්නා ලගටම අරන් ආවා...එතකොට එයාට බෑ මට මිනීමරුවෙක් කියන්න....

ජන්කුක් අමාරුවෙන් ඇස් ඇරියා.අදුරට එයාගෙ ඇස් හුරුවුනාම එයා දැක්කා ආලෝකය තිබුන තැන තිබ්බ ඇද...එතන ලග හිටගෙන හිටියෙ අගමැතිවරයා.ජන්කුක් නැගිට්ටා කියලා දැක්ක නිසා මිනිහා තමන් ලගට හෙමින් හෙමින් එනවා ජන්කුක් බලාගෙන හිටියා.

"ගුඩ් මොනින් මගෙ දරුවෝ...ඔයා කිව්වනෙ එයාලා මට වෛර කරයි කියලා...එයාලා මට ඉන්න තැන් වල ඉදන් ශාප කරයි කියලා..බලන්න එයාල මට සමාව දීලා...

ජන්කුක් තමන්ගෙ මාමා කියන මනුස්සයා අත දික් කරන පැත්ත බැලුවා.කවුද ඇදේ ඉන්නේ..ඇයි මේ වාතය මේ තරම් ගද...

"යන්න,ගිහින් ඔයාගෙ අම්මටයි තාත්තා ටයි කියන්න ඔයාගෙ මාමට සමාවදෙන්න කියලා...

ජන්කුක් පුදුමෙන් ඇද දිහා බැලුවා.හරියට පේන්නෑ..අදුර නිසා..ජන්කුක් නැගිට්ටා...නැගිටලා අඩියට දෙකට ඇද ලගට දුවගෙන ගියා..

ජන්කුක් බලාපොරොත්තු උනා...එයාගෙ අම්මව හරි අඩුම තාත්තා ව...

"ඔහ්...දෙයියනේ....

ජන්කුක් ට කෑගැස්සුනා...එතන තිබ්බෙ දිරපු මිනී දෙකක්...එකක ඇට සැකිල්ල සහ කොන්ඩ ගස් එක්ක සුදු ගවුමක් විතරක් ඉතුරු වෙලා තිබුනත්,අනිත් මිනිය දියවෙනගමන් තිබ්බා...මේ තරම් වෙලා මෙච්චර ගද ගැහුවෙ ඒකයි...

"කතකරන්න එයාලට...

ජන්කුක් ට අගමැති ගෙ හඩ ඈතින් ඇහුනා...ඇද පහල ඉස්ම වැක්කෙරෙනවා..එයාගෙ තාත්තා දියවෙමින් ඉන්නවා...

"ඔයා කොහොමද....

ජන්කුක් හුස්ම ගත්තා...පපුව නතරවෙන්න වගෙ...එයාගෙ අම්මගෙත් තාත්තා ගෙත් ඇටසැකිලි එයා දිහා බලන් ඉන්නවා ජන්කුක් දැක්කා....ඔහ් දෙවියනෙ...කොහොමද එයා මේතරම් නපුරුවෙන්නෙ...

ජන්කුක් ගෙ කකුල් පනනැතුව බිමට ඇදගෙන වැටුනා..එයාගෙ අම්මයි තාත්තා යි ඇද උඩ...ජන්කුක් අත්වලින් ටිකෙන් ටික පස්සට උනා..එයා හැමදම දෙවියන්ගෙන් ඉල්ලුවා එයාගෙ අම්මවයි තාත්තා වයි...ඔහ් දෙයියනේ ඒ කොහොමටවත්ම මේ විදියට නෙමේ....

Infidelity |taekook Where stories live. Discover now