හිම කුමාරයා
________________________________
ටේහියුන් බැරිම තැන ඇදෙන් නැගිට්ටා.මොකද ජන්කුක් තාම මූන හංගගෙන.වැදගත් ම දේ ටේහියුන් දැක්කා ජන්කුක් ගෙ අත් වෙව්ලනවා.එයා ටිකක් ලැජ්ජාවෙන්..ඒ නිසා ටේහියුන් ජන්කුක් ට තනියම ඉන්න දීලා කාමරෙන් එලියට ගියා.
ටේහියුන් ට මතක් උනා එදා හොස්පිට්ල් එකෙදි ටේහියුන් මුලින්ම ජන්කුක් ට නොකියා එයාව බලාගන්න ඉඩ දෙනවද අහපුවාම ජන්කුක් හැසිරුන විදිහ.
එයා හුස්මක් ගන්නවත් වෙලාවක් නාස්ති නොකර හුගක් දේවල් කියෙව්වා.ටේහියුන් ගෙ පපුව සීරිලා යන තරම් ඉකිගහලා ජන්කුක් කියෙව්වා...
ඒ කියවපු හැම වචනයක් වචනයක් ගානෙම කිව්වෙ කැඩිච්ච ජන්කුක් ව ආයෙම කඩන්න එපා කියලා..එදා ටේහියුන් හිතාගත්තා දුර ඉදන් ජන්කුක් ව රකින්න..ඒත් අද ජන්කුක් ම හිමින් සැරේ එයාලා අතරෙ තිබ්බ බැරියර් එක කඩලා දාලා..ටේහියුන් ට සතුටුයි..කියාගන්න බැරිතරම්..සමහරවිට ආදරේ කියලා මිනිස්සු කියන්නෙ මේ දේට වෙන්න ඇති..
ටේහියුන් කියන්නෙ ආදරයක් විශ්වාස කරපු මනුස්සයෙක් නෙමේ..කොටින්ම ටේහියුන් කවදාවත් හිතුවෙ නෑ එයා මේ තරමට එක මනුස්සෙක්ට බැදෙයි කියලා.ඒක ආදරයක් විතරක් නෙමේ..ඒක හැමදෙයක්ම...මේ ලෝකෙ සතුටුම හිතෙන දේවල් එක අතකට ගුලි කරත් ටේහියුන් ට දැනුනා ජන්කුක් සතුටු වෙනවා දැකලා එයාට සතුටු වෙන්න පුලුවන් කියලා..
ටේහියුන් ආදරය කරන්න පටන් අරන්...
"උබට තාම වෙරිද....
ටේහියුන් ඇස් ඇරියා.ටේහියුන් ගෙ ඉස්සරහ හිටියෙ යුන්ගි.කෝට් එක ඇතුලට අත් දෙකත් දාගෙන යුන්ගි ටේහියුන් දිහා බලන් හිටියා..