~♡︎ 08 ♡︎~

197 52 14
                                    

~♡︎~


ආදරනීය විනාඩිගානකට පසු යූන්ගිත් ජීමිනුත් පල්ලිය කෙලවර ලොකූ සෙවන ගසක් යට බිම ඉඳගන උන්නෙ පහල ඈතින් පේන නඟර.. කැලෑ දෙස බලාගන.. යූන්ගි භාවනා කරන ටයිප් එකට ඉඳගන ඉද්දි ජීමින් දනහිස් දෙකම පපුව ලඟට නමාන අල්ලගන ඉඳගන උන්නෙ ලැජ්ජාවෙන් වගේ...

මෙයා ඇයි මාව Kiss කලේ.. ඒක ගැන දැන් කතා කරයිද ??
අනේ නිකං බොරුවට ඇයි අහන්නෙපා.. ඔයත් කැමැත්තෙන්නෙ උන්නෙ නිකං Kiss එකක් ගන්නම ආව වගේ...
හරි.. හරි.. ඒ උනාට.. 

" ඔයා මෙහාට ආවෙ ?? "

ජීමින්ගෙ මනෝ පාරට බාදා කරමින් යූන්ගි කතා කලේ එතන නිහඬ තාවය බිඳල දාන්න..

" ම්.. මේ.. අජොශ්ශී කිව්වෙ ඔයා මෙහෙ කියල "

" තනියම ගමන් යන එක අඩු කරනව "

" දැන් බය වෙන්න හේතුවක් නෑනෙ "

ජීමින් දිලිසෙන ඇස් බෝල කරල යන්තම් හිනා වෙලා යූන්ගි දිහා බලද්දි කොල්ල ටාර් ගාල අහක බලා ගත්තෙ හාර්ට් එක ඩ්‍රම් ගහන්න ගත්ත නිසා...

" ම්හ්ර්.. මම මිනිස්සු ගොඩක් ඉන්න තැන් වලට ආස නෑ.. මෙහෙ නිදහස්.. ගොඩක් වෙලාවට කව්රුත් නෑ... "

" හ්ම්.. ලස්සනයි.. ඇයි ඉතිං ලස්සන තැන් වලට තනියම එන්නෙ..
කව්රුහරි එක්ක එන්න එපැයි "

" ඉතිං දැන් ඔයා ඉන්නෙ "

යූන්ගි අමුතුවට කට හදාන ජීමින් දිහා බලල කියනවත් එක්කම ජීමින් ටක් ගාල උගුර පාදගන නැගිට්ටා...

" ද්.. දැන් යමු නේද ?? සීතලයි.. ඔයාට අමාරුත් ඇතිනෙ.. "

යූන්ගි හිනා වේගන නැගිටල ජීමින් ගාවට නූලක පරතරයක් හිටින්න ඇවිල්ල හිටගත්තා.. ජීමින්ටනම් ගිලින්න කෙලත් නෑ වගේ.. යූන්ගි ජීමින්ගෙ චූටි පස්සට දෙක තුනක් ගහල පස්ස පිහල දැම්මෙ තණකොල කෑලි ටිකක් සුදු කලිසමේ ඇලිල තිබ්බ නිසා..

" අනේ... "

" කෝලං.. එනව යං "

ජීමින් ලැජ්ජාවට රතු වෙලා කෑ ගහද්දි කොල්ලත් කට කොනකින් හිනා වෙලා ජීමින්ගෙ අතකින් ඇදගන කා එක ගාවට ආවා..

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now