~♡︎ 12 ♡︎~

143 41 61
                                    

~♡︎~

" යූන්ගි මොකද්ද ඒ පාර උබට වෙලා තියෙන්නෙ ?? එදා ආව ගමන් පිස්සෙක් වගේ අර කොල්ලව Airport එකේ තියාගන Kiss කලා...
දැන් දවස් තුන හතරක් තිස්සෙ පිස්සෙක් වගේ කාමරේට වෙලා ඉන්නවා...
අර කොල්ල උබව හොයනව බන්... "

යූන්ගි ජංගුක් බනිනව නෑහුනා වගේ ඔහේ ඇඳට වෙලා වකුටු වෙලා බලාගත්ත අත බලාගන ඉන්නවා...

" උබට ආය මගෙන් කන්න ඕන වෙලා වගේ "

" ඕ... ගහපං මේ පාර ගහද්දි මට මැරෙන්නම ගහපං "

එකපාරටම ඇඳෙන් බැහැල ජංගුක් ගාවට යූන්ගි එයාගෙ කොලර් එකෙන් අල්ලගන කෑ ගැහුවෙ ලොකු වේදනාවකින් වගේ.. ඒ ඇස් වල පුදුමාකාර වේදනාවක් සමඟ බියක් ගැබ් වෙලා තිබුන බව ජංගුක් හොඳින්ම දැක්කා..

" යාහ්... මොකද්ද බන් උබට මේ වෙලා තියෙන්නෙ ?? "

" වෙලා තියෙන්නෙ.. මම මම බයෙන් ඉන්නෙ.. "

" උබට ආය එහෙම අවසානයක් දකින්න මම ඉඩ තියයි කියල හිතනවද ?? "

" ප්‍රශ්නෙ මට වෙන දේ නෙවේ ජංගුක්...
ඒකම ඒකම ආය වෙනවනම්... ජීමින් ආයම තනිවෙයි... මං වගේ කාලකන්නියෙක් වෙනුවෙන් බලාගන ඉඳී... "

යූන්ගිය අඬාගන්න බැරි කමට ඔලුවෙ අත් දෙකත් ගහගන වේදනාවෙන් කියෝනවා...

" උබ කාලකන්නියෙක් නෙවේ...
අනික එහෙම කිසි දෙයක් උනේ නෑනෙ "

" මොකද නැත්තෙ....
ජීමින්ව එහෙදි සෙට් එකක් වට කරං ගහන්න ගියා... ඒකම එදා උබල ඉස්සරහම මෙහෙදි උනා...
මමයි එයයි ආතර් වීදියෙ ඇවිදිද්දි එයාගෙ සපත්තු නැතුව... ඒ විදිහටම නොව්නත් ඒකත් මෙහෙදි උනා...
ජීමින් ජීවිත කාලෙම ලේන්සුවක් තියාගන උන්න මාව මතක් වෙන්න.. මෙහෙදිත් දැන් මගෙ favorit ලේන්සුව එයා ගාව...
තව මොනා වෙනකල්ද උබ ඉන්න කියන්නෙ ? "

" හරි හරි... Ok.. මට උබ ඔහොම පිස්සෙක් වෙනව බලන් ඉන්න බෑ...
මට කියපං මම මොකද්ද කරන්න ඕනා ?? "

යූන්ගි ජංගුක් එක්ක ලොකු කතා බහකට වැටුනා...








~♡︎~

" චූටි පුතා... නැගිටින්න තේහ්‍යොං දරුව ඇවිල්ල... "

වෙනසක් නෑ.. යූන්ගි වගේම මෙයත් ඇඳට වෙලා ඔහේ ඉන්නවා.. තේහ්‍යොං කාමරේට එනවත් එක්කම ජීමින්ගෙ අම්ම එලියට යනවා. හෙමීට ජීමින් ගාවට ආව තේහ්‍යොං ඇඳ කොනකින් ඉඳ ගන්නවා...

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now