~♡︎ 14 ♡︎~

139 44 49
                                    

~♡︎~

Party එක පටන් ගත්තත් හරි හැමෝම සතුටින් කනව බොනවා සමහරු නටනවා.. කුකී ටේ දෙන්නත් වයින් බොන ගමන් ටේබල් එකක ඉඳං කතාබහක යෙදෙනවා..
අනේ හොඳටම Busy වෙලා උන්න ජීමින් ගොඩක් අය එක්ක කතා කරනව Photos ගන්නව.. සමහර Boyල ජීමින්ට කම්මුල් වලට හාදු දීලත් යනවා.. එකෙක් ජීමින්ගෙ පස්සටත් ගහල යනව යූන්ගි බලන් උන්නෙ යකෙක් වැහිල වගේ...

" කර වෙන ගඳක් එනව නේ බබා "

ටේට හිනා යන්න ආවත් එයා වැලමිටෙන් කුකීට ඇනල හිනාව පාලනය කරගත්තා..

" යුන්ගියා.. ඒ එයාගෙ Modles ලා.. මැනේජර්ස්ල වැඩ කරන අය.. "

තේහ්‍යොං යූන්ගිගෙ කන ගාවට කිට්ටු කරල කිව්වත් ඒව මිනිහටනම් ඇහුනෙ නෑ.. කට ඇතුලෙ දිව පැත්තකට කරගන කරකව කරකව ජීමින් දිහා බලන් ඉන්නවා..
වේටර් කෙනෙක් එතනින් යනවත් එක්කම ‍යූන්ගි විස්කි ග්ලාස් එකක් අරගන බීගන බීගන ගිහිල්ල ග්ලාස් එක මේසෙ උඩින් සද්දෙට තිබ්බා.. Finally jimin මේ පැත්තට එනවා..

" Hi Guys.. Sorry අනේ මම ටිකක් busy උනා.. "

යූන්ගි කේන්තියෙන් ජීමින් ඉන්න පැත්තට අනික් පැත්තෙන් අහක බලාගත්තා..

" ඇයි මේ "

" ච්චහ්... "

ජීමින් යූන්ගිගෙ අතකින් ඇල්ලුවත් හරි යූන්ගි චහ් ගාල අත ගසල ගත්තා. තේහ්‍යොං හොඳටම දැක්ක ජීමින්ගෙ මූන අඳුරු වෙලා යනවා...

" යූන්ගි ඇයි මේ ?? "

" ගිහින් ඉන්නවකො අර අතපතගාන උන් එක්කම.. "

" ඒකද මේ.. අනේ ඒ මගෙ Working team එක. මට සහෝදරයො වගේ.. එච්චරයි "

" හහ්... "

" ඔයාට ඔච්චර තරහ ගන්න දෙයක් මම කලේ නෑ ඔයා කරන එව්ව එක්ක බැලුවම... "

කේන්තියෙන් එහෙම කියපු ජීමින් නැගිටල එතනින් යන්න ගියා..

" මං ඔයාට කිව්ව ඔයා කරන ඒවලින් ඔයාටම විඳවන්න වෙයි කියල "

ටේත් යූන්ගිටම බැනල ජීමින් පස්සෙන් දුවගන යන්න ගියා.. ඒ එක්කම යූන්ගි රවල බැලුවෙ ජංගුක් දිහා.. කට කැඩිච්ච කතාවක් කියන්න කොල්ලගෙ කට වෙව්ලුවත් යූන්ගිව මෙතන දාල යන්න බැරි කමට ජංගුක් කට වහගන අහක බලාගත්තා...

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now