~♡︎ 09 ♡︎~

207 51 35
                                    

~♡︎~

" චූටි මොකද ගල් වෙලා වගේ ? "

ජීමින් ගල් වෙලා වගේ ඇස් වල කඳුලුත් නටෝ නටෝ ටිකක් ඉස්සරහට වෙන්න තිබුන ටේබල් එකක යූන්ගි එක්ක කෙල්ලෙක් හිනා වෙවී කෑම කනව දැක්ක.. දෝසන් ඒ පැත්ත බලද්දි එයාට මතක් උනා ඊය රෑ ජීමින්ව ගන්න ගියේ ඒ කොල්ල කියල. වෙන්නෙ මොකද්ද තේරෙද්දි කට කොනකින් හිනා වෙලා කොල්ල ජීමින්ගෙ උරහිස් දෙකෙන් අල්ලල තැනකින් වාඩි කලා..

" එයා එහෙමනම්.. අපිත් සෙල්ලම් කරල බලමු.. don't cry baby.. හ්‍යොං ඔයාට ඔය කොල්ලව අල්ලල දෙන්නම්.. "

" එයා ටේට කැමතිනම්.. ඇයි කෙල්ලෙක් එක්ක.. එයාව රවට්ටනවද මෙයා ? "

" ඔයා ඔයාව රවට්ටගන්නෙපා.. එතන වෙන කතාව අපිට ඇහෙන්නෑනෙ...
වේටර් අපිට ස්පැගටි ගේන්න... "

ගෙනාව ස්පැගටි එකත් ගෑරුප්පුවෙන් රෝල් කර කර ජීමින් යූන්ගි දිහා බලාන ඉන්නෙ ඇහිපිල්ලම්වත් නොගහ.. ඒත් යූන්ගි උන්නෙ උඩ තට්ටුවෙ ඉස්සරහ නිසා එයාට පහල පෙනුනෙ නෑ...
අර කෙල්ල යූන්ගිගෙ මූන අත ගානව.. හිනා වෙනවා... කොන්ඩෙන් අදිනවා.. දැන් අතිනුත් අල්ලං... ජීමින්ගෙ අතට ගෑරුප්පුව පාර හිටින්නම හිර වෙලා... ජීමින්ට දැන් ඒ කෙල්ලව මරන්න පුලුවන් තරම් ශක්තියක් ඇවිල්ලයි තිබුනෙ...

" චූටී.... be cool... "






ඇත්තටම එතන වෙන දේ...

" ජින් හ්‍යොංගෙ හ්‍යොංද එතකොට නූන මැරි කලේ.. වාව්.. මම දැනගන උන්නෙ නෑ...
ටේයි කුකායි ඩොක්ටර් කෙනෙක් එනව කියල මට එන්න කිව්වට මම ඔයා කියල දැනන් උන්නෙ නෑ නූනා "

" ඇත්තටම ඔයාට හොඳ යාලුවො ටිකක් ඉන්නව යූන්ගි...
මම අනිද්දට Appointment එකක් දාන්නම්.. ඔයා හෙට රෑ Flight එක දාගන්න හරිද ? "

" හරි නූනා.. කන්නකො.. "

" කන්න කලින් මට ඔයාව චෙක් කරන්න ඕනා.. කෝ ඇස් දෙක... "

එයා යූන්ගිගෙ ඇස් දෙක මූන අත ගාල බැලුවෙ එයා ඩොක්ටර් කෙනෙක් නිසා.. බලන් ඉන්න අයටනම් කෙල්ල කොල්ලව හුරතල් කරනව වගේ සීන් එකක් පේන්නෙ...

" ලේ මදි යූන්ගි... කොන්ඩෙත් පැහිලද ?.. ආ නෑ ඒ රොඩ්ඩක්.. "

" මට කල්පනා වෙනව නූන.. හරියට දැන් කන්නත් බෑ... "

ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎Where stories live. Discover now