Chapter 10

20 7 4
                                    

පාර්ක් දේහියුන්ගෙයි වැන්ග් සියොයූන්ගෙයි එකම දරුවා වුන මම පාර්ක් ජිමින්...

පරම්පරාගත ධනවතුන් වුන දෙමාපියන්ගේ එකම පුතා විදිහට මන් සැපවත් ජීවිතයක් ගතකලත් මන් මගේ ජීවිතේ ගතකලේ එක රාමුවක් තුල..

ඒ රාමුව තුලදි මගේ ලමාකාලය අනික් ලමයින්ගේ වගේ රසවත් සුන්දර එකක් නොවුනත් මන් මට තීන දෙවල් වලින් සතුටුවෙලා මගේ පවුලෙ අය පෙන්වන සීමාවතුල අවුරුදු 12ක් ජීවත් වුනා...

නමුත් මගේ 12 වෙනි උපන්දිනෙන් සතියකට පස්සේ මන් මට ගෙදරින් පෙන්වලා තිබුන සීමාවන් වලට එහායින් තීන ලෝකේ දිහා බලන්න උත්සහා කලා..

ඒ උත්සහයෙ ප්‍රතිඵලයක් විදිහටයි මගේ ජීවිතේ උඩුයටිකුරු වෙලා මගේ හීනෙට යන්න පාරවල් එලි වුනේ..

12 වෙනි බර්ත් ඩේ එකෙන් සතියකට පස්සෙ අපේ ක්ලාස් එකට අලුතින් ලමයෙක් ආවා..

එයාව දැකපු පලවෙනි තත්පරේම එයා ගොඩක් කඩවසම් කියලා මගේ හිත කෑගහද්දි පන්තියේ ලමයින්ට තමන්ව අදුන්වලා දුන්න එයා මිස් කිව්ව නිසා මන් ලගින් ඇවිත් වාඩි වුනා..

මන් එයාගේ ලස්සන ගැන හිත හිත හිටි නිසා එයා කිව්ව කිසිදෙයක් මගේ ඔලුවට ගියේ නෑ.

ඉතින් මන් එයා එක්ක කතානොකර එයා එන්න කලින් මන් කර කර හිටි වැඩේට අවදානය දුන්නා..

එයත් එයාගේ පාඩුවේ වැඩ ටික කරන් යද්දි මන් හොරහින් එයා දිහා බැලුවේ එයා එන්න කලින් අපේ ක්ලාස් එකේ කරපු වැඩ ගැනවත් අහන්න එයාට කිසිම උනන්දුවක් නොතිබ්බ එක ගැන තිබුන කුතුහලය නිසයි..

"මොකද හොරෙන් බලන්නේ..මන් එච්චරටම කඩවසම්ද.."

ටීචර් කියන නෝට් එක ලියන ගමන්ම එයා කටකොනින් හිනාවෙලා මගෙන් එහෙම අහද්දි මන් ශොක් වුනා..

I'm sorryWhere stories live. Discover now