Chapter 32

19 6 2
                                    

"දන්නවද මිනිස්සු වුනාම තමන්ගේ අඩුපාඩු හාදගෙන ඉස්සරහට යන එක හොදයි.එහෙම කියලා හැමකෙනාම කියන කරන දේවල් ගැන හිතලා තමන්ට නරකක් වෙන දේවල් කරන එක මෝඩ කමක්..."

මන් එක්කම අපේ ගෙදර ගිය සෙට් එකෙන් ජූන් එහෙම කියද්දි කුක් ඔලුව වැනුවා..

ටේ නම් තාම මට වචනයක් කිව්වේ නෑ..

පූස් හියුන්නම් ජින් හියුන් එක්ක මට රසම රස කෑම ගොඩක් හදලා දෙන්න පොරොන්දු වුනා.

කුකී මන් එක්ක එක්සර්සයිස් කරන්න පොරොන්දු වුනා වගේම අනික් කට්ටියම ඒවට ජොයින් වෙන්න පොරොන්දු වුනා...

ඒ හැමදේමත් එක්ක මට පොඩි සැහැල්ලුවක් දැනුනා උනත් ටේ මුකුත්ම නොකීව එක ගැන මට මාරම අවුල්...

ඉතින් අර පස්දෙනා කෑම හදන අතරෙදි මන් තනිවෙලා හිටි ටේ එක්ක කතාකරන්න උත්සහා කලා...

"I 'm sorry..."

"මොකටද..."

"කරපු හැම මෝඩ වැඩකටම..විශේෂයෙන් මාව රිද්දලා ඔයාට දුකක් දුන්නට.."

මෙ වෙලාවේ ටේටේ වැඩියෙන්ම අවුල් වෙලා ඉන්නෙ මොක්කටද කියලා මගෙ හිත තේරුම් අරන් ඉද්දි මන් එයාට එහෙම කිව්වා..

"හ්ම්..."

"ඉතින් ඇයි මේ..."

"මන් ඔයාට තව අවදානය දුන්න නම් ඔයා ඩයට් කරනවා කියලා මීට කලින්ම මට මාට්ටු වෙන්න තිබුනා...."

"වුන දේවල් අමතක කරන්න..මන් ආයේ මෝඩ වැඩ කරන්නේ නෑ..ඔයාලා ගැන හිතලා වැඩකරනවා කියලා මන් කරලා තීන්නේ ඔයාලව රිද්දන එක කියලා අද මට හොදටම තේරුම් ගියා..ආයේ ඒ වැරැද්ද මන් කරන්නෑ. මන් ඔයාලට ගොඩක් ආදරෙයිනේ..."

"ම්...ඔයාට ඔයාගේ පෙනුම කරදරයිනම් අපි ඒක හෙමීට වෙනස් කරගමු.."

"..."

"ඒත් එකක් මතක තියාගන්න ඔයාට තීන්නේ කාටත් ආදරේ හිතෙන ආකර්ෂනීය පෙනුමක්. ඒක සෙක්සි හැන්ඩ්සම් කියන වචනෙන් පිට පැනලා හුරතල් කියන වචනෙට ආසන්නව කොටු වුන නිසයි මිනිස්සු කතා කියන්නෙ.ඒ මිනිස්සුන්ගේ කතා දෙවනි පාරටත් ඔයාට හිංසා කල නිසා අපි ඔයාගේ පෙනුම වෙනස් කරමු..ඒත් මන් අද කිව්වා කියලා මතක තියාගන්න..ඔයාගේ පෙනුමට ඔයා අද කතා අහගන්නවා වගේ ඔයා පෙනුම වෙනස් කර ගත්තත් මිනිස්සු කතා කියනවා කියලා.අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ.හැබැයි අපිට පුලුවන් අපිව පරිස්සම් කරන්න.ලස්සන ජීවිතයක් වෙනුවෙන්...තේරුනාද..."

"ම්..ගොඩක් ස්තූතියි..මේ හැමදේම කියලා දෙන්න මාව බලාගන්න මන් ගැන වදවෙන්න මගේ ජීවිතේට ආවට..."

ටේටේව සයිඩ් හග් කල මන් එහෙම කියද්දි එයා මගේ කොන්ඩේ අවුස්සලා හිනාවුනා..

එයාගේ ඒ ලස්සන හිනාව මන් හරියටම දැක්කේ එදා..

ඒ හිනාව ආයේ කවදාවත් මන් නිසා මැකෙන්න දෙන්නෑ කියලා මන් එදා හිතාගත්තා...

කිම් ටේහියුන්...

එයා තමයි මගේ ජීවිතේ හොදම හමූවීම් අතර විශේෂම හමුවීම..මගේ සෝල්මේට්....

I'm sorryWhere stories live. Discover now