Chapter 27

10 5 0
                                    

"ඒනම් කොල්ලො අපි ගියා.."

මාව මගේ ක්ලාස් එකට ගෙනත් ඇරලුව හියුන් යන්න හැරෙද්දි මන් එයාව අතින් අල්ලලා නැවැත්තුවා..

"කරපු උදව් වලට ගොඩක් ස්තූතියි හියුන්.."

දෙමාපියන්ගෙන් වෙන්න ඕනි දේවල් වලට අමතරව ස්කූල් එකට ජොයින් වෙන්න ඕනි කරන හැමදේටම හියුන් දුවලා පැනලා උදව් දෙද්දි ස්කූල් එක ගැන මෙලෝ හසරක් දන්නැති මට තිබුනේ හියුන් ෆිල් කරලා දෙන ෆෝම් වලට සයින් කරන්න විතරයි..

ඉතින් මගේ උදව්වට හියුන් හිටි එක මට ලොකු හයියක් වුනා..

"ඕක සුලු දෙයක් පොඩ්ඩො..අපි බ්‍රේක් ටයිම් එකේදි මුන ගැහෙමුකෝ.."

මගේ කොන්ඩේ අවුස්සලා ලස්සනට හිනාවුන ඒ හියුන් මගෙන් සමු අරන් යද්දි මන් මගේ ක්ලාස් එක ඇතුලට ගියා..

ඒ වෙද්දිත් ක්ලාස් ටීචර් පන්තියට ඇවිත් හිටි නිසා මන් එල්සියුස් කරලා මිස්ට මගේ අතේ තිබුන ෆයිල් එක දුන්නා..

"පුතේ ඔයා ගැන පුන්චි විස්තරයක් කියන්න"

"හායි..මන් පාර්ක් ජිමින්..අද ඉදන් මන් ඉගෙන ගන්නේ මේ ස්කූල් එකේ..මන් ඔයාලට හොද යාලුවෙක් වෙන්න උත්සහා කරන්නම්.."

පන්තිය දිහා බලන් හිනාවෙලා එහෙම කිව්ව මන් පන්තියේ ලමයි කාගෙවත් දිහා නොබලා ආයෙම මිස් දිහාට හැරුනා..

"කවුරු හරි මේ ලමයට ඉන්න හිස් ඩෙස් එකක් පෙන්වන්න.."

මිස් එහෙම කියනවත් එක්ක පන්තිය කෙලවරේ හිටි ලමයෙක් එයාට එහා පැත්තේ පුටුව මට පෙන්නුවා..

ඉතින් මන් ඒ පැත්තට යන්න ගද්දි ලමයි ටිකක් අමුතු විදිහට බැලුවා උනත් මන් එයා ලගට ගිහින් ඉදගත්තා..

මහතින් ටිකක් වැඩි ඒ ලමයා මන් දිහා බලලා කෙටි හිනාවක් දීලා එයාගේ වැඩවලට අවදානේ දෙද්දි මාත් මගේ පාඩුවේ පන්තියේ වැඩවලට අවදානය දුන්නා..

කලින් ස්කූල් එකේ වෙච්ච දේවල් නිසා වැඩි අනුකම්පාව ලොකු භුමිකම්පාවක් වෙනවා කියලා ඉගෙන ගත්තු මන් පුලුවන් තරම් පරිස්සමට ඉන්න හිතාගෙන මගේ අලුත් ස්කූල් එකේ වැඩ ටික හොදින් කරගෙන ගියා.

දන්නෙම නැතිව කාලේ ගෙවිලා ගිහින් බ්‍රේක් ටයිම් එක ආවාම ක්ලාස් එකේ ලමයි මාව වටකරගත්තා..

I'm sorryWhere stories live. Discover now