Chapter 14

16 5 2
                                    

දවස් දෙක්කට විතර පස්සේ බ්‍රේක් ටයිම් එකේදි එයා මන් එක්ක කතා කරන්නම ඕනී කියලා කියපු නිසා මන් මගේ වැඩ ටික්කට පැත්තකට දාලා එයා එක්ක කතාකරන්න හිතුවා...

"ඔයා මන් එක්ක තරහා වෙලාද..."

"නෑ..."

"ඒත් ඔයා ඉස්සර වගේ නෙමේ..දැන් මාව මගහරිනවා.."

"එහෙම නෑ..."

"නැත්තෙ නෑ..."

"මගෙ අවධානයෙන් ගිලිහුන පාඩම් වැඩ වලට මන් ආයේ අවධානය දෙනවා විතරයි..."

"හ්ම්...සමාවෙන්න මන් නිසා ඔයාගේ පාඩම් වැඩවලට බාදා වුනාට..හැමතැනිම කොන් වෙවී හිටි මට ලැබුන එකම යාලුවා එක්ක සතුටින් කාලේ ගතකරන්නයි මට ඕනිවුනේ."

"ඒක දැන් ඉවරයි..හොදට ඉගෙන ගෙන හොද ජොබ්එකක් කරනකොට ඔය ප්‍රශ්න ඉවරවෙයි ඒ නිසා ඉගෙනීමට අවදානය දෙන්න.."

"ම්..ඒත් ඔයා දන්නවද..මන් මෙහෙදි ඔයා එක්ක ගෙවන කාලෙදි විතරයි සතුටින් ඉන්නේ කියලා..ස්කූල් ඇරුන ගමන් පාර්ට් ටයිම් ජොබ් වලට යන මට අහන්න වෙන බැනුම් තොගේ එක්ක මහන්සියට රෑ වෙද්දි එන ඔලුවේ කැක්කුම නිසා පාඩම් වැඩ කරගන්න බැරි වෙලා මෙහෙට ඇවිත් ඔයාගෙන් හෝම්වර්ක් කොපි කරලා සර්ලා මිස්ලා අහන ප්‍රශ්නවලට උත්තර දීගන්න බැරිව බැනුම් අහලා සමහරවෙලාවට ගුටි කලා..ක්ලාස් එකේ ඉන්න නසරානි කොල්ලො අතින් ගුටි කාලා එයාලට ඕනි දේවල් කරලා දීලා මේ ගෙවන කරුම ජීවිතේ එකම සැනසීම ඔයා වෙනකොට ඔයාව මගහැරෙන එක මහ වේදනාවක්..."

බුලට් ට්‍රේන් එක වගේ එක දිගට කියවන් ගිය එයා ලොකු හුස්මක් අරන් මගේ දිහා බැලුවා..

"තාවකාලික සැනසිමක් වෙනුවෙන් ඔයාගේ අනාගතෙ කැපකරන්න එපා.."

"ඒත්..."

"කොහොමත් අපි යන්නේ පාරවල් දෙක්ක නිසා අපේ යාලුකම තාවකාලිකයි..ඉතින් ඔයාට ස්තීර සැනසීමක් ඕනිනම් කරන්න තීන්නේ හොදට ඉගෙන ගන්න එක විතරයි.."

"ඒත් අපිට ~"

එයා තව මොනාහරි දෙයක් කියන්න ගියත් බ්‍රේක් ටයිම් එක ඉවර වෙන බෙල් එක ඇහෙනවත් එක්ක ක්ලාස් එක ඇතුලට සර් කෙනෙක් ආ නිසා එයාට කියන්න ගිය දේ කියාගන්න බැරි වුනා..

I'm sorryWhere stories live. Discover now