Chapter 16

15 5 2
                                    

මගේ සතියක නිවාඩුවට පස්සේ තවත් සති දෙක්ක නිවාඩුවක් අපේ සෙක්ෂන් එකට ලැබුන නිසා මට බොබ්ව මගහැරිලම ගියා..

සතියක් ගෙදරට වෙලා පාඩම් වැඩ කරගන්න ගෙදරින් අවසර ලැබුනත් ආයේ ස්කූල් පටන් ගත් ගමන් මට ස්කූල් යන්න කියලා ගෙදරින් අවවාද ලැබුනා..

ඉතින් මන් සති තුනකට පස්සේ ස්කූල් ආවේ පොඩි චකිතෙකින්..

ඒ බොබ් මොන විදිහට මට රියැක්ට් කරයිද කියලා..

"ගුඩ් මෝනිම්.."

මටත් කලින් ස්කූල් ඇවිත් හිටි එයා මාව දැක්ක ගමන් එහෙම කියද්දි මාත් ආපිට ගුඩ්මෝනිම් කියලා මගේ පුටුවෙන් ඉදගත්තා..

"ඔයාට මගහැරුන නෝට් මේවෙන් බලලා සම්පූර්න කරගන්න..."

මන් ස්කූල් ආපු නැති හේතුව අහන් නැතුව එයා මට එයාගේ නෝට් ටික දෙනකොට මන් ඒවා ගත්තා..

වෙනදට අපැහැදිලි කටු අකුරින් නෝට් ලියන එයා මගහැරුනු සතියෙම නෝට් දිනදාලා ගොඩක් පිලිවෙලට ලියලා තිබුනා..

මන් මගේ නෝට් ඒ වෙද්දි සම්පූර්න කරලා තිබුනත් ඒ ගැන එයාට කියන්න හිත නොදුන් නිසා මන් එයාගේ පොත් ටික අරන් බලන්න ගත්තා..

ටික වෙලාවකින් එයා ක්ලාස් එකෙන් එලියට ගියා...

මට එයාගේ පොතේ අතර මැද පිටුවක තිබිලා පදපේලී වගයක් හම්බුනා..

ඒ පදවල මුල් ටික මන් නිකමට වගේ කියවන්න ගත්තත් මන් ඒක මගින් කියවන එක නතර කරලා එයාගේ පොත් ටික එයාගේ මේසේ උඩින් තිබ්බා..

කතා කියන
ඔය ඇස් දෙක
හිනාවෙද්දි
පිම්බෙන
කම්මුල් දෙක
සිපගන්නට
හිත වද දෙන
තොල් පෙති දෙක
ඔබයි මගේ
එකම සැනසුම
ඔබ අමතක කර
හිදින්නේ කොහොම...

ඇති වෙන්න ගිය ප්‍රශ්නේ ඉවරයි කියලා හිතුවට මේ ප්‍රශ්නේ අරාම්භය විතරයි කියලා මට ඒ පද පේලී කීපයෙන් තේරුන් ගියා...

I'm sorryWhere stories live. Discover now