Chapter 29

16 5 8
                                    

මාවත් ඇදන් කැෆේ එකට ආව එයා මන් එක්ක කෑම අරගෙන හියුන් කෙනෙක් විතරක් වාඩිගෙන හිටි ටේබල් එක ලගට ගියා..

"හියුන් අපි ආවා.."

"මොකද පරක්කු..."

රාමෙන් බකට් එකට මූන ඔබන් හිටි හියුන් කෑමත් කටේ පුරවන් එහෙම අහද්දි එයා මට ඉදගන්න පුටුවක් ඇදලා එයත් ඉදගත්තා..

"ජිමින්ට පොඩි රැගක් සෙට් වුනා.."

අන්න එතකොටයි හියුන්ට මන් දිහා බලන්න මතක් වුනේ..

"හායි හියුන්..."

"හායි පොඩ්ඩො..ඔයාට මුකුත් අවුලක් උනේ නෑනේ.."

"නෑ හියුන්..සිංදුවක් කියන්න උනා එච්චරයි.."

"ම්..එහෙනම් කමක් නෑ..ඔයාට මොනාහරි වුනානම් මන් මෙයාගේ බෙල්ලෙන් තමයි අල්ලගන්නේ.."

"ඒ මොකද හියුන්.."

තාමත් නමක් ගමක් දන්නේ නැති එයාගේ දිහා බලලා මන් හියුන්ගෙන් එහෙම අහද්දි එයා හිනාවුනා..

"හියුන් කිව්වා මට ඔයා ගැන චුට්ටක් බලන්න කියලා.උදේ ගේම්ස් රූම් එකට වෙලා හිටි මන් ඉන්ටවල් එකේ තමයි ක්ලාස් එකට ආවේ.."

"අහ්.."

"ඉතින් ඔයාගේ නම මොකක්ද..."

"ජිමින්...පාර්ක් ජිමින්...හියුන්ගේ නම..."

"ජින්..කිම් සියෝක්ජින්...ඔයාට පුලුවන් කැමති ජින් කියන්න.."

"හරි හියුන්...එතකොට ඔයාගේ නම මොකක්ද..."

මගේ ලගම නැවතිලා තීන ඒ ඇස් දිහා බලන් මන් එහෙම අහද්දි එයාට කටකොනින් පොඩි හිනාවක් ගියා..

"අන්තිමට ඔයාට මගේ නම අහන්න මතක් වුනා.."

"ඔයා කියනකල් හිටියේ..ඒත් කිව්වේ නෑනේ.."

"මාත් ඔයා අහනකල් හිටියේ..මගෙ නම ටේහියුන්...කිම් ටේහියින්..ඔයාට පුලුවන් කැමති නමකින් මට කතාකරන්න.."

"ඔය දෙන්නා සහෝදරයොද..."

"හැමෝම අහනවා.."

"එකම සර්නෙම් එකනේ දෙන්නටම තීන්නේ.."

"ම්.."

එච්චරයි එයාලා ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් දුන්නේ නෑ..පස්සේ කාලෙක ඒ ප්‍රශ්නෙට මට හරි උත්තරයක් ලැබුනා..

"ඔය දෙන්නව අදුන ගන්න ලැබීම සතුටක්.."

"හෙට ඔයාට තව කට්ටිය අදුනගන්න ලැබේවී අද පේරන්ස් මීටින් නිසා කට්ටිය ලෙඩ නිවාඩු"

එතනින් පස්සේ අපි ඉක්මනින් කෑම කාලා ඉවර කලා.මොකද ඒ වෙද්දිත් ඉන්ටවල් එක ඉවර වෙන බෙල් එකේ දෙවෙනි බෙල් එකත් වැදිලා තිබුනේ..

කොහොමහරි තුන්වෙනි බෙල් එක වදින්න කලින් අපිට පන්තියට යාගන්න පුලුවන් වුනා..
------------------------------------------------------------------
happy birthday to me...🥰❤️

🥰❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I'm sorryWhere stories live. Discover now