Chapter 22

26 6 4
                                    

අපේ අප්පා එයාව අවුරුදු දහයකට මගේ ජීවිතෙන් ඈත් කලා..

එයා රට දාලා යන්න කලින් දවසේ මාව මුන ගැහෙන්න ඕනිමයි කිව්වා.

ඉතින් අප්පා මාව හන් රිවර් පාර්ක් එකට එක්ක ගිහින් දුර ඉදන් අපි දිහා බලන් හිටියා..

මන් බොබ්ට මීටරේකට වඩා ඈතින් හිටියා..

"කලින් සිද්දිය නිසා ඔයා බයවෙලා වගේ.."

"සර්පයා පෙනේ පිප්පුවට පස්සේ දෂ්ට කරන්න කලින් ඈත් වෙන එක හොදයි.."

"ම්..මන් ආවේ ඔයාට වැදගත් දෙයක් කියලා යන්න."

"කියන්න මන් අහගෙන ඉන්නේ.."

"ඔයාට මතකද මන් ඔයාව දවසක් දඩාරියන් මුරුංගා අත්තක තිබ්බා.දැන් මන් ඒ මුරුංගා අත්තෙන් බිමට ඔයාව තල්ලු කරන්නයි යන්නේ.බැරල් බාගයක් වගේ ඉන්න කොයි වෙලෙත් එල්ලුනු රතුරෝස කම්මුල් එක්ක කොට හිච්චි ඇගිලි එක්ක කොයිවෙලෙත් හැංගෙන ඇස් නම් මහ ජරාවක්..පන්තියේ කොනකට වෙලා හිටි තමුන්ට මන් ලං වුනේ මට ඒ පන්තියේ වෙන කිසි එකෙක් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ නැති නිසයි.ඒ ඇරෙන්න තමුන්ගෙන් මට සල්ලි කඩාගන්න පුලුවන් කියලා මට ඉවෙන් වගේ දැනුනා.මන් තමුන් වගේ පිටි මුට්ටයක් කරගහන්න තරම් පව්කාර නොවුන එක ගැන මට මාරම සතුටුයි ඉතින් කැත කොට මහත් පාත්තයෝ මට අනුන් ලව්වා තත්වෙට ගැලපෙන මිනිස්සු හොයාගන්න කියවන්නෙ නැතිව තමුන්ගේ පෙනුමට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරනවා..
නැත්තන් තමුන්ට හැමදාමත් අප්පගේ සල්ලි එක එකාට බෙද බෙද ඉන්න පුලුවන්.ඒ වගෙම මන් එහෙ ගියාට පස්සෙ මන් තමුන්ව සප්‍රයිස් කරනවා..ඒ සප්‍රයිස් එක තමුන්ගේ ජීවිතේ උඩුයටිකුරු කරයි..ඒක තමුන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වේවී..මාව තමුන්ගේ ජීවිතේ අමතක නොවන චරිතයක් කරාවී..."

කරන්න පුලුවන් තරම් අපහාස කරලා එයා රාක්ෂයෙක් වගේ හිනාවෙලා යන්න යද්දි එක කදුලක් නොහෙලා එයා කිව්ව හැමදේම අහන් හිටි මන් අප්පා දිහා බලලා හිනාවෙලා විනාඩි දහයක් ඉල්ලලා හන් ගග ලගට ගියා...

I'm sorryWhere stories live. Discover now