Chapter 02

129 12 4
                                    

"අඩෝ කොහෙද බොල උඹ යන්නේ?? අපිට මේන් හෝල් එකට එන්න කියලා සභාපතියා අතුරුදහන් වෙලා. ළමයිනුත් බලන් ඉන්නවා. අපි ඒත් මේ ආවේ උඹව හොයාගන්න අනවුන්ස්මන්ට් එකක්වත් දෙන්න කියලා හිතාගෙන."

ලෑල්ලට පාගලා හැටට හැටේ මේන් හෝල් එකට දුවන ගමන් හිටපු චාරද්‍යට එයාගේ අපාය සහාය අතිජාත මිත්‍රයෝ දෙන්නා වුන බිමන්ෂු සහ ලඛිතව මගදිම හම්බුනා.

"බලහංකො බං එන්න ලෑස්ති වෙද්දිම ප්‍රින්සිපල් සර් කතා කළානේ ටොප් බෝර්ඩ් එකට ඔෆිස් එකට එන්න කියලා ඉස්කෝලේ උපන්දිනේ එන නිසා ඒකට මොකද කරන්නේ කියලා ප්ලෑන් කරගන්න. ඒක කතා කරගන්නත් අන්තිම පීරියඩ් එක එනකම්ම ඉන්න ඕන වුණා."

"හරි හරි දැන්වත් යමන් එහෙනම්. යන්තං සභාපතියව නම් හම්බුනා...කෝ බං ලේකම්කාරයා?? ලාහට ගෙම්බො එකතු කරන එකත් ලේසියි මුන්ව හොයනවට වඩා.."

"මොකක් අගස්ත්‍යත් නැද්ද?? මූ යකෝ කොහෙ ගිහිල්ලද!? මට කිව්වත් එක්ක අන්තිම පීරියඩ් එක ෆ්‍රී කියලත්."

"ඌත් ඉතිං ඌ කියන විදිහට මේ ලෝකෙ ඉන්න දෙවනියට බිසීම එකානේ!"

"එතකොට කවුද ලඛිතයෝ පළවෙනියා?"

"වෙන කවුද ඉතින් අපේ හෙඩා මිසක්."

"හරි හරි මේ උඹලා එහෙනම් මේන් හෝල් එකට පලයන්. ගිහින් එතන මං එනකම් පොඩ්ඩක් ශේප් කරපන්. මං අරූගේ ක්ලාස් එක පැත්තට ගිහින් ඌට මොකද උනේ කියල බලල එන්නම්."

"එල එල එහෙනම් කොල්ලෝ අපි ගියා... ඉක්මනට වරෙන් හොඳේ දැනටමත් අනිත් අය යන්න ගිහින්ද දන්නේ නෑ."

එහෙම කියපු බිමන්ෂුයි ලඛිතයි මේන් හෝල් එක පැත්තට යද්දී චාරද්‍ය අගස්ත්‍යගේ පන්තිය පැත්තට ගියේ අගස්ත්‍යට මොකද උනේ බලන්න.

පන්තියට ගියපු චාරද්‍ය පන්තියේ හිටපු කීපදෙනා අතර අගස්ත්‍ය නෑ කියලා දැක්ක නිසා ඇතුලේ හිටපු අයගෙන් අගස්‍ත්‍ය ගැන ඇහුවෙත් ඒ නිසාමයි.

"මල්ලි කෝ අගස්ත්‍ය?"

"අහ් අයියේ අගස්ත්‍ය පන්තියේ නම් නෑ....කොහෙද ගිහින් තියෙන්නේ කියලා නම් දන්නේ නෑ. ඒ මේ හර්ෂිව් කෝ බං අගස්ත්‍ය?"

උන්මාද ආදරේWhere stories live. Discover now