Chapter 08

102 7 18
                                    

"ඔය කට වහගත්ත නම් මොකද ලොකු බොසා.. බ්‍රේක්  නැති මැස්සෙක් එහෙම ආවොත් උටත් වැලේ  වැල්  නැති වෙනවා."

බිමන්ෂු නක්කලේට  කියන්න ගත්තේ මෙච්චර වෙලා හොල්මනක් දැක්ක වගේ පුදුම වෙලා බලන් හිටපු චාරද්‍යගේ  පස්සට දෙකක් අනින ගමන්.
ඒත් එක්කම චාරද්‍ය ආපහු දොර දිහා බැලුවේ එයාගේ ඇස්  දෙක අදහගන්න බැරිව.. අගස්ත්‍ය පිටිපස්සෙන් මිවාන් එක්කම මේන් හෝල් එක ඇතුලට ආවේ වෙන කව්රුත් නෙවේ අර කැරලිකාරයා..

" මෙයා..?? කොහොමද .. ??අනික..??!"

"හෝව්.. හෝව්..නවත්තපන්.. උබට එව්වා අදාල නෑනේ .. අනේ උබත් එනවනේ නිකන් හම්බෙච්ච අස්සයගේ කටේ දත් ගනින්ඩ ..දැන් මෙහෙමනේ..උබේ මහා ලොකු නාට්ටියේ  චරිතයක්  මදි උනා.. උබට  ...ම්..  නෝ.. නෝ.... පණ්ඩිත මෑන්ස් ට එන්න උනා.. අන්තිමේදී..  සිංහබාහුට සිංහ සීවලී හම්බ උනා..එච්චරයි "

කියපු බිමන්ෂු මහා හයියෙන් හිනා වෙන්න ගත්තේ වෙන දෙයක් හිතා ගන්න බැරිව ලඛිත චාරද්‍ය දිහාට හැරෙද්දී.

" මොකද්ද බන් මේ වෙන්නේ.. ඇරත් බිමා මොනාද  මේ කියවන්නේ ... කවුද යකෝ සිංහ සීවලී ..අනික මු නේද උබට අර ලයිනක්  දාපු ඩයල් එක.. මූද  දැන්  ඩ්‍රාමා එකේ මදි වෙච්ච කැරැක්ටර් එකට ගන්නේ....?"

ලඛිත ඇහුවේ මුනත් දෙක කරගෙන.. ඒත් චාරද්‍ය හිටියේ වෙන සිහියක..තාමත් හර්ශිව් හිටපු පැත්ත බලාගෙන.. වෙච්ච දේ හිතාගන්න බැරිව...
මේන් හෝල් එක ඇතුලට ආපු යාළුවො තුන් දෙනා එහෙමම නතර වෙලා හිටියේ   මේ වෙලාවේ මේන් හෝල් එක ඇතුල කඩි ගුලක් වගේ ඇවිස්සිලා  තිබ්බ නිසා. තව සති එක හමාරකටත් වඩා අඩු  කාලයක් විතරක් ඉතුරු වෙලා තිබිච්ච නිසා ක්ලබ් එකේ හිටපු පොඩි එවුන් ලොකු අයියල එක්ක එකතු වෙලා සෙට් එක හදන්න ලෑස්ති වෙන ගමනුයි හිටියේ.. අගස්ත්‍යයි මිවානුයි ඒ  ලඟම  නතර උනේ එයාල කරන වැඩේ  බලන්නත් එක්ක. පස්සෙන් හිටගෙන් හිටපු කැරලිකාරයත් ඒ දෙන්න ලඟට ඇවිල්ල නතර වුනේ මෙතන වෙනදේ මොනවද කියලා බලාගන්න.
ඒත් එක්කම කොහේදෝ ඉදල ආපු පොඩි බටු ඇටයක් කැරලිකාරයාගේ කලිසමෙන් අදිනවා චාරද්‍ය බලාගෙනයි  හිටියේ. තමන්ගේ කලිසමෙන් අදිනවා දැනුන හර්ශිව්  හැරිලා බලද්දී දැක්කේ, ලැකර් ටින් එකකුත් අතේ තියාගෙන ඒක  ඇරගන්න බැරිව දඟලන පොඩි කොල්ලෙක්ව. කැරලිකාරයා  හැරෙනවත් එක්කම, අල්ලන් හිටපු කලිසම අතහැරපු පොඩි එකා, අර ටින් එක කැරලිකාරයට දික් කළා..

උන්මාද ආදරේWhere stories live. Discover now