Chapter 07

83 8 4
                                    

"මං දැනගත්තා ඕක වෙනවා කියලා..."

පහුවදා උදේ පාන්දරම බිමාව හම්බවෙන්න ගිය අගස්ත්‍ය ගියේ හර්ෂිව් ඩ්‍රාමා එකට එන්න කැමති වුණා කියලා කියන්න.

"ඒ කොහොමද බං අයියේ ඔයා ඒක දන්නේ?"

"මගේ තෙවැනි ඇසෙන් මං ඒක දැනගත්තා..."

"විහිළු නෙමෙයි බිමා අයියේ ඇත්ත කියපන්කෝ..."

"මෙහෙමයි, මං ගිහිල්ලා චාරුනි මිස්ව හම්බවුණා. ඊට පස්සේ මගේ රංගන හැකියාව දාලා ශෝක මූඩ් එකක් හදාගෙන හොටු පෙරාගෙන කිව්වා අපේ ඩ්‍රාමා එකට එක ළමයෙක් අඩුයි මිස්ගේ පුතා ඒකට හොඳට ගැලපෙනව ඒත් එයා එන්න බෑ කියනවනේ කියලා. අපිට ළමයිනුත් නෑ තව සති දෙකයි තියෙන්නෙ ටර්ම් ටෙස්ට් හින්දා ළමයි එන්නෙත් නෑ කියලා. ආ තව කිව්වා අරුන්දති මිස්ගේ වැඩක් කියලත්. මගේ විශිෂ්ට රංගනය හමුවේ චාරුනි මිස්ගේ හිත උණු වී දිය වී වැක්කෙරී ගිහින් එයාගේ පුතාව කොහොම හරි ඩ්‍රාමා එකට එවන්නම් කිව්වා. සරලව ඔන්න ඕකයි උනේ..."

"අම්මපා අයියේ උඹ නං... මට ඒත් හිතුනා මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලා චාරුනි මිස් කොහොමද මේක දැනගත්තේ කියලා හිතද්දී..."

"අපි වගේ මොලේ පාවිච්චි කරලා වැඩක් කරපන් බන්... දැක්කනේ එකපාරින් අපි ඔක්කොම ටික කරගත්ත හැටි.. අපිම ඉන්න ඕනි ඉතින් මේවට..."

"ඔව් ඔව් උඹ නං ඉතින් සටකපට තාත්තණ්ඩියෙක් තමා..."

"තාත්තණ්ඩි කියන්නේ මොකාද යකෝ?"

"ආ ඒ අම්මණ්ඩි කියන එකේ පුරුෂ ලිංග පදය. මොකද ඉතිං උඹට අම්මණ්ඩි කියන්නයෑ..."

"ගහප් උඹට උඩින් විසි වෙන්න."

"මම නෙමෙයි කොයි වෙලාවේ හරි උඹේ නම් කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ අයියේ. අරූ අන්න අරහේ පුප ගිනිගත්ත හනුමා වගේ හොය හොය ඉන්නේ ඕක උගේ අම්මගේ කනේ තිබ්බ එකා මොකාද කියලා. කියපු එකා හම්බුනොත් මරලා මාළුවන්ට කන්න දානවත් කිව්වේ..."

"අනේ කොරයි කියල තමයි බය..මං චරුනි මිස්ව පොරොන්දු කර ගත්තා මං කිව්වා කියලා කියන්න එපා කියලා. අනික කිව්වත් මොකෝ බං අන්තිමට අපිට ඕනි දේ වුනානේ..."

උන්මාද ආදරේWhere stories live. Discover now