Chapter 10

74 7 4
                                    

"මොකද ළමයෝ මේ ඊයේ ගෙදර ආපු වෙලේ ඉඳන් මූණ අවුල් කරගෙන? මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට?"

අද ඩ්‍රාමා ප්‍රැක්ටිස් නවතින්න ඕන නිසා හවසට කැන්ටිමෙන් මොනවා හරි කන්න සල්ලි ගේන්න අමතක වුන හර්ෂිව් උදේ පාන්දරම ස්ටාෆ් රූම් එකට ආවේ තමන්ගේ අම්මා උන චාරුණි මිස්ගෙන් කීයක් හරි ඉල්ල ගන්න උනත් හර්ෂිව්ගේ මූණ ඊයේ ඉඳන් හරි නැති නිසා චාරුණි මිස් එහෙම ඇහුවා.

"එහෙම මොකුත් නෑ අම්මා....අම්මට පේන හැටි වෙන්න ඇති... මං මොකටද නිකං මූන අවුල් කරගන්නේ..."

"ඔව් ඔව් දැන් ඉතින් ඉලංදාරිනේ... ප්‍රශ්නයක් වුණත් අපිට කියනවා කියලයෑ. ඒකට පොඩි කාලේ මං නැතුව එක තත්පරයක් ඉන්න බැහැ. මට නොකියන දෙයක් නෑ.... ඒකට දැන්..."

"අයියෝ අම්මා මම දැන් ලොකු ළමයෙක්... අනිත් එක මට එහෙම ප්‍රශ්නයක් නෑ... එළකිරි කොල්ලෙක් අම්මා ඉස්සරහ මේ ඉන්නේ... ගැම්මෙන් ඉන්න අම්මේ ඒ හින්දා..."

"අනේ මොකට කියනවාද ඒක ගැන.... ආ මේ සල්ලි අරන් යන්න හවසට ඉවර වෙලා යාළුවො දෙන්නත් එක්කම එන්නකො එහෙනම්. මාත් දැන් යන්න ඕනේ පන්තියේ ළමයි මොනවා කරලද දන්නේ නෑ...."

එහෙම කියපු චාරුණි මිස් එයාගේ පන්තියට යන්න යද්දි අම්මා එක්කම ස්ටාෆ් රූම් එකෙන් එළියට ආපු හර්ෂිව්ගේ ඉස්සරහටම හම්බවුණේ අරුන්දතී මිස්.

"Good morning දෙන්නටම.... මොකද මේ අම්මයි පුතයි උදේ පාන්දරම කරන්නේ...."

"Good morning මිස්"

"Good morning අරුන්දතී මිස්. නෑ මේ ළමයට මේ අද හවස ඩ්‍රාමා ප්‍රැක්ටිස් නවතින්න තියෙන හින්දා සල්ලි ගේන්න අමතක වෙලා හවසට කෑම කන්න. ඒක නිසා සල්ලි ඉල්ල ගන්න ඇවිල්ලා. ඒ තරම් හොඳ සිහියෙන් තමයි අපේ පුතණ්ඩියා ඉන්නේ..."

"ආ පුතා අද හවසට ප්‍රැක්ටිස් තියෙනවද? කොහෙද තියෙන්නේ? ඉස්කෝලෙද?"

"නෑ මිස් චාරද්‍ය අයියගේ ෂොප් එකේ කිව්වා... ඉස්කෝලෙට වඩා එතන ගොඩක් වෙලා ඉන්න පුළුවන් හින්දා එතන දාගමු කියලා හැමෝම කතා වුණා."

"අනේ එහෙමද කොහොමද පුතා දැන් ඩ්‍රාමා එකේ වැඩ? මං එන්නත් එක්ක හිටියේ ඒ පැත්තෙ කොහෙද මේ මීඩියා ඩේ එකේ වැඩ ටික හින්දා මට හෙල්ලෙන්නවත් වෙලාවක් නෑ... චාරද්‍ය පුතාවත් හම්බවෙන්න ඕනි.. මං එන්නම්කො ඒ පැත්තෙ.."

උන්මාද ආදරේWhere stories live. Discover now