Chapter 09

100 6 4
                                    

"හරි ළමයි අපි එහෙනම් පටන් ගමුනේ.... කෝ මුල්ම සීන් එකට ඉන්න කට්ටිය දැම්මම ස්ටේජ් එකට යන්න.."

එහෙම කියපු චාරද්‍ය ස්ක්‍රිප්ට් එක දිහා බලාගෙන ඉක්මනට කට්ටියට ස්ටේජ් එකට යන්න කිව්වේ දැනටමත් සෑහෙන වෙලාවක් නාස්ති වෙලා තිබුන නිසා.

"වරෙන් හර්ෂිව් යන්න. උඹටයි මටයි බිමා අයියටයි මුල්ම සීන් එක තියෙන්නේ..."
අගා හර්ෂිව්ට එහෙම කිව්වත් හර්ෂිව් ස්ටේජ් එකට යන්න ටිකක් අදිමදි කරා.

"හරි හරි මල්ලි උඹලා මුලින් පලයල්ලකෝ... හර්ෂිව්ව අපි ටිකක් මෙහෙම තියමු. එයාට තාම කැරැක්ටර් එක ගැන හරි අන්ඩස්ටෑන්ඩින් එකක් ඔලුවට ගිහිල්ලා නෑ. මං එයාව වෙනම ප්‍රැක්ටිස් කරවල ගන්නම්."

හර්ෂිව් යන්න අදිමදි කරන දිහා බලාගෙන හිටපු චාරද්‍ය හර්ෂිව්ගේ අපහසුතාවය තේරුම් අරගෙන එහෙම කිව්වා.

"අම්මටසිරි කොහොමද ඒක... අඩෝ චාරා උඹට බැරිද බං මාවත් ඔය විදිහට තනිපංගලමේ තියාගෙන පුරුදු කරවන්න. මං හරීරීම ආසයි බං..."

චාරද්‍ය කිව්ව එකට මැද්දෙන් පැනපු බිමන්ෂු එහෙම කියලා නෝන්ඩියක් දැම්මා. බිමන්ෂු ඒක කියපු නෝන්ඩි තාලයට ලැජ්ජා හිතුන චාරද්‍ය ඒ දැනුන ලැජ්ජාව කේන්තියකින් වහගන්න ට්‍රයි කරේ ඇස් යටින් බිමන්ෂු දිහා බලලා රවන ගමන්.

බිමන්ෂු ඒ කිව්ව කට කැඩිච්ච කතාව නිසා තමන්ගේ කන් දෙකත් රතු වෙනවා වගේ දැනුන හර්ෂිව් ඉක්මනට එතනින් ටිකක් එහාට ගියේ කාටවත් තමන්ගෙ රතු වුන කන් දෙක නෝට් වෙන්නෙ නැතිවෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරන ගමන්.
ටික වෙලාවකට කලින් මරාගන්න වගේ හිටපු දෙන්නා දැන් එකට ප්‍රැක්ටිස් කරන්න යනවා කියලා දැනගත්ත එකෙන් කරකවලා අතඇරියා වගේ හිටපු අගස්ත්‍ය අද ඉර පෑව්වේ කොයි පැත්තෙන්ද කියල දැනගන්න හැරි හැරි බලද්දියි දැක්කේ කන් දෙකත් රතු කරගෙන පැත්තකට වෙලා ඉන්න හර්ෂීව්ව.

හර්ෂිව්ගේ කන් දෙක රතු වෙලා තියෙන එක ගැන වැඩිදුර හදාරා විශ්ලේෂණය කර නිගමනයකට එන්න ඕන වුන නිසාම එයා ළඟ හිටපු මිවාන්ට වැලමිටෙන් ඇන්නේ ශේප් එකේ හර්ෂිව් දිහා බලන්න කියන්න.ඒත් එක්කම,

උන්මාද ආදරේHikayelerin yaşadığı yer. Şimdi keşfedin