Chapter 11

84 8 14
                                    

" ඉතින්.. අපේ එකා ඔය ගෑනු ළමයාගේ චරිතේ හොදට කරනවද ඒයි...?" තමන් කියව කියව හිටපු පත්තරේ තුනට හතරට නවපු රසික කන්දෙගෙදර  එහෙම ඇහුවේ මෙච්චර වෙලා තමන්ගේ පුතන්ඩියගේ හපන් කම් ගැන පුරාජේරු කියෝ කියෝ , කේක් එකක් හදන ගමන් හිටපු චාරුණි ගෙන්.

" මේ කොල්ලා බලන්නකෝ අනේ රසික.. මන් හිටපු නිසාමද කොහෙද පොඩ්ඩක්වත් ඇක්ට් කරල පෙන්නුවේ නැනේ.. මන් ඉතින් අරුන්දතී අඬ ගහපු නිසාමයි බලන්න ගියේ...හරිම මුරණ්ඩුයි අනේ මේ දැන් ළමයි හැදෙන හැටි.."

" හරි හරි ඉතින් චාරු.. පුතා උනත් සාදාරණයි නේ.. කොල්ලට ලැජ්ජා හිතෙන්න ඇති.. අනික ඔයාට ඉතින් ඕක එදාටම බලන්න පුළුවන් නේ.. එහෙව් එකේ ආයේ මොකටද කලින් බලන්න ගියේ ?"

" අනේ.. නිකන් ඉන්න රසික.. මන් ගියේ අරුන්දතී කතා කරපු නිසා..අනික මං මොකටද ඕවට ඇඟිලි ගහන්නේ..මොකද අපේ පුතා මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙවේනේ..අනික මන් ඉස්සරහ ඇක්ට් කරන්න බැරි මොකද?..චුටි පුතා මං  එක්කම ඉන්ග්ලිශ් ඩ්‍රාමා කීයක් නම් කියල කරලා තියෙනවද "

" හරි හරී ඉතින්..දැන් කවදද ඕක තියෙන්නේ?"

"  මේ එන සිකුරාදා..එක අතකට චුටි පුතා ඔය වගේ දේකට යන එකත්  හොදයි රසික.. එයගේ හිතටත් හොදයි..මන් බයේ හිටියේ.. අනුරංග පුතාගේ සිද්දියෙන් පස්සේ මේ ළමයා පොත් බදා ගත්ත ගමන්මනේ හිටියේ.."

එහෙම කියපු චාරුණි රසික දිහා බලල අහක බලා ගත්තේ තමන්ගේ ඇස දෙකට උනපු කඳුළු කැට අනිත් අතින් පිහදා ගන්න ගමන්.

"හ්ම්.. කොල්ලට ටිකක් කල් දෙන්න චාරු.. අපිට මෙච්චර හිතට අමාරු නම් එයාට කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ..ඒ ළමයට ඕක පාඩුවේ කරන්න දෙන්න මන් නම් කියන්නේ.. ආසාවෙන් කරන දේනේ.. අනික කොහොමත් අපේ කොල්ල දක්ෂයනේ.."

" ඔයාට කියන්න ඒයි .. අපේ චුටි පුතා විතරක් නෙවෙයි ..එතන ඉන්න ළමයි ඔක්කොම වගේ දක්ෂයි..අම්මට ඉන්න ළමය නම් අපරාදේ කියන්න ඕන නෑ.. මට ඒ ලමයව දැන් දැක්කත් හිනා යනවා.. සුපර්බ් ඇක්ටින්ග් අනේ  .. ඇරපු අතක් නෑ.. ඔයාලගේ අම්ම ම තමයි.." හිනාවෙවී එහෙම කියපු චාරුණි අයෙමත් තමන් හද හද හිටපු කේක් මිශ්‍රණය අනන්න පටන් ගත්තා..

උන්මාද ආදරේWhere stories live. Discover now