"ආ ආ ආ ලා ලා ලා....
හම්බ වුණාදැයි කියලා ලියලා එවන්න
අපි එන්නම් සබන් අරන් බබා බලන්න....//
ආ ආ ලා ලා ලලයි ලිලයි ලයි
සමන්ත භද්‍ර මුනින්දයාණනි...
අපටත් රජෙක් පහළව ඇතේ...
ඩිස්ටි ඩිඩිං... ඩිස්ටි ඩිඩින්...
ලුටු පුටු ලුටු පුටු ලුටු පුටු...."එකකට එකක් ගැලපෙන්නැති සිංදු කිය කිය ඉන්න අගස්ත්‍යවයි මෙලෝ ගැලපිල්ලක් නැති තාලයකින් මේසෙකට තට්ටු දාන මිවාන්වයි සින්දුවට අත්වැල් අල්ලන තිෂාක්‍ය ඇතුළු පිරිවරයි දිහා බලාගෙනම හර්ෂිව් පන්තිය ඇතුලට ආවා.
"ආ බොසා.... good morning! වරෙන් වරෙන් අපේ ටින් බෙලෙක්ක සංගීත කණ්ඩායමේ මධුර මනෝහර ගායනය අහන්න..."
"මධුර මනෝහර!! අනේ යකෝ රැහැයියෝ කෑගහනවා වගේ උඹලගේ ඔය සින්දු කිවිල්ල... මං ඒත් හෙට මෝටින් එකක්වත් අරන් එනවා කියලා හිතාගෙන හිටියේ."
"ඇත්තටම ඇයි හර්ෂිව් මෝටින් එකක්? මාගේ මේ කුතුහලය සංසිදුවාලන්න."
"වෙන මොකටද ඉතින් රැහැයියන්ට ගහන්න තමා"
"කැහ් කැහ් කැහ් අම්මෝ ඒකටනම් බීපු වතුර ටික කනෙනුත් එළියට ආවා..."
බොන්න ගිය වතුර එකත් ඉස්මොල්ලේ යවා ගත්ත අගස්ත්‍ය එහෙම කිව්වා.
"අඩෝ ඇත්තටම රැහැයියන්ට මෝටින් ගහනවා කියල මං අදමයි දැනගත්තේ..."
"ඒකනේ මිවාන් මං වගේ උගතෙක්ගෙන් අහලවත් දැනගනින්."
"අමෝ අමෝ හිච්චි මහෞෂධ පඬිතුමා..."
"මේ උඹල මෙතන කයිවාරු ගාහන්න නෙමෙයි. රෙජිස්ට් එක ගෙනාවද? එතකොට පන්තිය අතුගාන්න තියෙන්නේ කාටද? දැන් එතකොට ඒවා කරලද මේ ඉන්නේ?"
"අම්මටසිරි මොනිටරයෝ සමාව භාජනයකට දාන්න....අඩෝ වෙලාව කීයද...මචං මං රෙජිස්ටර් එක ඔෆිස් එකෙන් අරන් එන්නම්. හැමදාම මට මේක අමතක වෙනවා."
එහෙම කියපු තිෂාක්‍ය ඔෆිස් එකට යද්දී තමන්ට පන්තිය අතුගාන්න තියෙන්නෙ කියලා මතක් උන මිවාන් කුණු කුණු ගගා පන්තිය අතුගාන්න පටන්ගත්තා.
"මචං හර්ෂිව් මට උඹත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. වරෙන්කො පොඩ්ඩක් එලියට යන්න."
![](https://img.wattpad.com/cover/367457308-288-k604406.jpg)
YOU ARE READING
උන්මාද ආදරේ
Non-Fiction" එකෙක්වත් කැමැත්තෙන් මේ ඩ්‍රාමා එකට එන්නෙ නැත්නම් මං මට කැමති නම් ටික දාලා ලිස්ට් එක මිස්ට බාර දෙනවා එච්චරයි". **චාරද්‍ය එෂ්මිත චන්ද්‍රවංශ** "මේක පුදුම කරදරයක් වුනානේ! ඩ්‍රාමා ක්ලබ් එකේවත් නැති මට මොන මගුලකට මේ ඩ්‍රාමා එකට කතා කරනවද මන්දා"...