Chapter 03

95 9 2
                                    

"අම්මප මුට..මේ වෙලාවේම කොහෙද යන්න ඕනේ උනේ කියපන්කො..බලපන් ලඛිතයා මේ ඇවිල්ල මට ආශික් එකේ එලොලු රොටි හත අටක් ගිලල මයිලෝ එකක් ගහන්න තිබ්බ වෙලාව..කොහේද මේ මහා පගයගේ වැඩ හන්දා තමයි දැන් මට එකටවත් වෙලා නැත්තේ..සිරාවට මන් තව තප්පර අරික් කාලයි බලන්නේ මෙතනින් කැපෙනවා..උඹල ඕන නාට්ටියක් බැරි නම් තොරණකට හරි රඟපාගනිල්ල...ඒ චාරෝ...උබට ඇහෙනවද මන් කියන එක..ඕයි.."

බිමන්ෂු දබග් ගාල ගහපු පාරටයි මෙච්චර වෙලා වෙනම ලෝකෙක හිටිය චාරද්‍ය ආපහු පියවි සිහියට ආවේ.ඒ වෙලාවේ චාරද්‍ය, බිමන්ෂු වගේම ලඛිත තුන් දෙනා මේන් හෝල් එකේ මීටින් එකට ලෑස්ති වෙනගමන් හිටියෙ.මේ වෙනකන්ම බිමන්ෂු හිටියේ චාරද්‍යවයි, අගස්ත්‍යගේ හත් මුතු පරම්පරාවයි මතක් කර කර උනත් චාරද්‍යගෙ සිහිය තිබ්බේ වෙනම තැනක....

මෙච්චර ලොකු වැඩක් අත ළඟ තියාගෙන වෙන වෙන බහුබූත ඔලුවට එන එක නවත්තගන්න දෙපාරක් විතර නළල දෙපැත්ත මසාජ් කරගත්ත චාරද්‍ය කෙලින්ම audience එක දිහා බැලුවේ දැනටමත් එකා දෙන්න ඇවිත් වාඩි වෙනවා මීටර් වෙලා. වෙලාවට පොඩි එවුන් සෙට් එකකට PT සෙෂන් එකක් වැටිලා තිබිච්ච නිසා කට්ටිය හිටියේ එමින් ගමන්. ඒත් අගා තවමත් පේන මානෙක හිටියේ නෑ.

"චාරෝ..උබ පොඩි එවුන් ටික ආවම වැඩේ පටන් ගනින්කෝ..අරූ ඒවි නෑවිත් ඉන්න එකක් නෑ" ලඛිත පොඩි බැලන්ස් එකක් ගහල දුන්නේ චාරද්‍යගේත් මොරාල් එක අප් කරන ගමන්.

"ඔව් යකෝ..ඕක ඔය හැටි හිතන්න එකක්යැ..මොකෝ උබ කියල මීට කලින් ඔය නාට්ටි නොකරපු එකෙක්යැ.." බිමන්ෂුත් ඒකට උල්පන්දම් දුන්නා.

"නෑ..නෑ..මන් කල්පනා කලේ ඒක නෙවෙයි බන්"
"එහෙනම්..?"
"ම්..නතින්ග්..නෙවර්මයින්ඩ්" චාරද්‍ය ඇස දෙක හීනි කරගෙනම තමන්ගේ සගයෝ දෙන්නට උත්තර දුන්නා.

"අඩෝ නතින්ග් නම් වෙන්න බෑ පුතෝ..ලඛියා පෙනේද මූ..කවද්ද කියපං මූ මන් කියන දෙයක් නාහ හිටියේ.. ඇත්ත කියපන් මොකද්ද සීන් එක" භිමන්ෂු මදනගාය හැදිච්ච එකෙක් වගේ කුලප්පු වෙද්දී ලඛිත,

"පොඩ්ඩක් නටන්නේ නැතුව ඉඳපන්කෝ දැන් මෙතන ඊට වඩා ලොකු වැඩක් තියේ නේ.තව සති දෙකයි තියෙන්නේ ඔක්කොම කරගන්න..තාම වැඩේ පටන් ගත්තෙත් නෑ..චාරාට අපෙ ෆුල් සප් එක ඕන වෙලාවේ උඹ මේ මගුලක් කතා කරනවා.." කියල බිමන්ෂුව ශේප් කලේ චරාගේ ඔලුව තවත් විකාර කරන්න ඕනේ නැති නිසා..

උන්මාද ආදරේWhere stories live. Discover now