11 වන පරිච්ඡේදය

1.1K 291 187
                                    





"ඇමතිතුමා කොහෙ කියලාද කිව්වේ?"

"මං නුවර.."

අම්මා එක්ක ආයේ ඉස්සරහට එද්දි තාත්තා ඇමතියා එක්ක බරසාර කතාවක. දැන් ඔය ඉන්න තැනත් අහන්නේ මොකද දන්නේ නෑ.

"නුවර කොහෙද? අපිත් පිලිමතලාවේ"

"ඔව්නේ මට පවිත්‍ර කියලා තියෙනවා.. අපි නම් ඊරියගම.."

මං ආවා කියලා දැක්ක ගමන් තේ කොප්පෙත් ඇගිලි දෙකෙන් අල්ලගෙන ඇමතියා කන්නාඩි දෙක උඩින් මං දිහා බැලුවේ හරියට අර බුලත් හෙප්පුවත් අරන් එන මනමාලි දිහා බලනවා වාගේ!.. ආහ් මගේ ඇගත් එක්ක මොකක්ද වුනා ඒකට..

ඒ.. මොනාද හලෝ තමුසේ මේ හිතන්නේ! ඇයි ඇග මොකක්ද වෙලා යන්න ඇමතියාට මොකෝ උබ! හුහ්.. නෑ නෑ! ඔය මල විකාර හිතන්නේ නැතුව මාත් ඇමතියට තද බැල්ම දීලා මාත් මගේ මිකි මවුස් කෝප්පේ කටේ ගහගත්තා.

හැබෙයි එක වෙලාවකට මටත් මේ හිතෙන ඒවා නිකන් හරි ඇමතියට ඇහුනොත් එහෙම.. ඒකා මන්බරට කියාගෙන පාගගන්නවා සත්තයි!

"අහ් ඊරියගම.. ඒ පැත්තේ නම්.. ඇමතිතුමාලා පලිහවඩන කිව්වා නේද.. මට ඔය නම කියද්දි මොකක් හරිම දෙයක් මතක් වෙනවා.. කොහේ හරි තැනක ඔය නම එහෙම අහලා පුරුදුයි.."

ඒ කියද්දි ඇමතියා අපේ පියානෝ දිහා බලන් හිස් හිනාවක් මූනට ගත්තා දැක්කා.. නෑ ඉතින් අපේ තාත්තාට අමතක වෙන ඒවා මතක් කරන්න ගියොත් ඉතින් අද මෙතන වෙන දෙයක් කරන්න වෙන්නේ නෑ!

"දැන් ඉතින් සුගාර, ඇමතිතුමාට බඩගනිත් ඇතිනේ.. අටටත් කිට්ටු කරලා තියෙන්නේ.. තේ විතරක් බීලා හරියන්නේ නෑනේ"

"ඔව් ඔව්.. ඒක ඇත්ත! අද යන්න කලින් ඇමතිතුමා කාලම යන්න ඕනේ"

අපේ අප්පේ..! අපේ පියානෝ බලන්න ඇපැයි අලි සේනාවට ආගන්තුක සත්කාර කරන්න හදන ලස්සන! මං නැති ටිකට ඇමතියා වචන වලින් අපේ පියානෝව ඇල්ලුවා වත්ද?

"ආ තාත්තේ මං අද යන්නේ නෑ.. ඉතින් ඇමතිතුමත් අද ඉඳලම තමයි යන්නේ"

ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි ගාඩ් එක දාගෙන යන එකටසමං තරයේ හෙලා දැකලා ඒකට විරුද්ධව මොන පරසක්වල ගැහුවත් අන්තාමජ මට හෙට යන්න වෙන්නෙත් ඔය මගුලේ කියලා මතක් වෙච්ච වෙලාවේ මාත් ඉතින් ගානක් නැතුව ඔහේ කියලා දැම්මා. ඔන්න එතකොට තමයි ඇමතියගේ මූන බලන්න වටින්නේ. මොකෝ ඔහොම බලන්නේ ආහ්?? නැත්තන් අද මේ යකා සේනාව නුවර ගියොත් අම්මාගෙන් සල්ලි ඉල්ලන් තමයි මට ආයේ පිලිමතලාවේ යන්න වෙන්නේ!

අමාවක හස (Ongoing) Where stories live. Discover now