32 වන පරිච්ඡේදය

1.7K 348 621
                                    








"කොහෙවත් නෑ.. "

කොහෙවත් නෑ කිව්වා. ඒත් මං දැක්කානේ..

"බොරු කියන්න එපා"

බොරු කියන්න එපා කිව්වම ඇමතියගේ මූනට ආවේ ආපු සැනෙන් වාෂ්ප වුනු හිනාවක්.. ඒ හිනාව වාෂ්ප වුනායෙන් පස්සේ කිලෝගානක් බර බැල්මක්. බිම බලන් කන්නාඩිය උස්සන ගමන් බිමින් ඇහිදපු වචන ගොඩක්..

"මං දැක්ක දේ මොකක්ද කියලා කිව්වොත් පවිත්‍ර අනිවාර්යයෙන්ම මං කියන්නේ බොරුයි කියලා කියයි.. ඉතින් කියලා මට බේරුමක් තියෙයිද?"

ආහ්..

"හරි මං මූකුත් කියන්න නෑ! දැන් මොකක්ද දැක්කේ කියන්න නැත්තන් මං ගෙනාපු බඩ්ඩ දෙන්නේ නෑ!"

මං ඒ කිව්වත් වගේ ඇමතියගේ මූනට ආවේ හරි ලාමක හිනාවක්.. ඒ හිනාවත් එක්ක මං ගාවට අත් දෙකත් පිටි පස්සට බැදන් ලං වෙලා මගේ මුලු මූන දිහාම බැලුවේ හරියටම මාව විනිවිද යන්න..

ඔහොම බලන්න එපා අප්පා..!

"මං දැක්කා.. පවිත්‍රට ගොඩාක් ආදරේ කරන කෙනෙක්.. ඒ ආදරේ නිසාම අන්තිමට පිස්සු හැදුනු කෙනෙක්.."

ආහ්..? මොකක්ද ඒකේ තේරුම? මට ආදරේ කරන කෙනෙක් මගේ පිටි පස්සේ??

"මොකක්? කෝ? "

ඉන්න බලන්න මං ආයේ බෙල්ල හරවලා පිටි පස්ස බැලුවා. හැබෙයි ඔය කියන ජාතියේ කෙනෙක් නම් මං දැක්කේ නෑ! ඕන්නම් ඒ වෙනුවට පිස්සු හැදිලා වගේ පාර දිගට දුවන කොරවක්කෙක් නම් දැක්කා!

මේ ඇමතියට උදේම මොනා වෙලාද මන්දා!

"බොරු කියන්න එපා ඇමතිතුමා! කෝ කවුරුත් නෑනේ!"

"ඒකනේ මම කිව්වේ.. ඇත්ත.. දෑන් එහෙම කවුරුත් නෑ"

"ආහ්?? මොනාද ඇමතිතුමා මේ කියන කතා? මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ!"

ඇයි අප්පා! උදේම මොලේ ලෙහලා පැදුරු වියනවනේ මෙයා!

"ම්.. හරි හරි.. කෝ දැන් ඉතින් මේ ළමයා අර මට දෙනවාය කියපු බඩ්ඩ?"

ආයෙමත් ළමයා..

ඉස්සර මං ඒ නමට බැන්නානේ.. ඒ වුනාට දෑන් ඒ නමට මට මොකක්ද වෙලා යන්නේ ඇයි..? ඊටත් මගේ ඉස්සරහට අතකුත් දික් කරගෙන අර ඇහුවේ දැන් ටිකකට කලින් කියපු කරපූ සේරම මතක නැති ගානට පැත්තකට කරලා. ඒක හරිම සාර්ථක පසු බැසීමක්!

අමාවක හස (Ongoing) Where stories live. Discover now