31 වන පරිච්ඡේදය

1.5K 361 336
                                    





"අසු හතේ?"

"ඔව් අසු හතේ.. මේ! මං නම් කියන්නේ චූටි පුතා ඔයත් කවදා හරි ඔය සීයා තාත්තා කර ගත්ත දෙයක් තමයි කරොත් කර ගන්නේ! වැඩක් නෑ මේවා කියලා!"

අම්මා ඒ බැන බැන හැමදාමත් වගේ ඉතින් මට රවන් ගියා.. හෙහ්.. එයා දන්නවා නම් කැලේදි මගේ පස්සේ පන්නපු අලි ගාන! ගෙදර ආවට පස්සේ මට ටවුමට යන්න දෙන එකකුත් නෑ!!

අර අලී පක්ෂේ ඉන්න ඇමතියගේ කොල අලි වගේයෑ කලේ මගේ පස්සේ පන්නන කලු අලි! ගැම්මක් තමයි කොල්ලෝ! ගැම්මක් තමයි!

ඒත් ඒක නෙවෙයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ.. අසු හත..? ඒක නෙවෙයිද..

"ඒ මනම්බරව රෙජීස්ටර් කරපු අවුරුද්ද.. එතකොට.. අසු හත.. එක්දාස් නවසිය අසූ හත.. දැන් දෙදාස් විසි හතර.. එතකොට.."

හයියෝ කෝ බං මගේ මේ කැල් එක!!! කෝ! කෝ! මොකද ඉස්සුවේ!!

"අම්~~"

ආහ් හරි තියෙනවා! හී.. ෆෝන් එකේ තියෙනවනේ! දැන් හරි! ඒක නිසා දැන් ආයේ වැටෙමු ට්‍රැක් එකට!

"හරි..ම්. එක්දාස් නවසිය හසු හතෙන් දෙදහස් විසි හතරක් ගියාම.. තිස් හතයි! "

ඈ...

ඇමතියා කිව්වා නේද ඒ දෙන්නම එකම වයසේ කියලා? ඒ වුනාට ඌව රෙජිස්ටර් කරලම දැන් අවුරුදු තිස් හතයි.. ඊටත් ඌ ඉපදිලා තියෙන්නේ එක්දාස් නවසිය පනස් හතේ..

ඉතින් එක්දාස් නවසිය පනස් හත.. මනම්බර ඉපදුන අවුරුද්ද.. හැබෙයි පනස් හතේ ඉදන් අසු හතට නම් අවුරුදු තිහක් තියෙනවා..

ආහ් මොකක්ද මෙතන වෙන්නේ??

ඒත් එච්චර කාලෙකට කලින් ඉපදුන සතාව ඇයි මේ අවුරුදු තිහකට පස්සේ රෙජිස්ටර් කරලා?? තෑග්ගක් ද? ඔන්න එහෙම වුන් නම් හිතා ගන්න තිබ්බා මූව පහු වෙලා රෙජිස්ටර් කරා කියලා..

නැත්තන්.. කොහොමද..? බෑ බෑ හැබෙයි තෑග්ගක් වෙන්න බෑ.. මොකද ඒ එහෙ හිටපු ඇතින්ගේ පැටියෙක්!

'නිවුන්නු දෙන්නෙක්'

ආහ්.. එදා අර ඇහුනු කටහඩවල්!! ඒවා එදා කිව්වේ ඇතින්නට නිවුන්නු දෙන්නෙක් ලැබුනා කියලා.. ඔව් එහෙම තමයි මට මතකයි.. එතකොට.. ඒ එක්කෙනෙක් අනිවාර්යයෙන්ම මනම්බර.. මොකද සිරිත් ඒක කිව්වා.. එතකොට කොහොමද ඌට.. තිහක් වෙන්නේ..??

අමාවක හස (Ongoing) Where stories live. Discover now