33 වන පරිච්ඡේදය

2.1K 386 314
                                    






තුන් වරුවයි.. ඔව් තුන් වරුවයි! ඒ මේ පිරිත් නූලක් නම්!!

ඉතින් මට කියන්න දෙයක් නෑ. මං එදා කිව්වේ ඒ පිරිත් නූලක් කියලා නම් ඉතින් ඇත්තටම මට දැන් ඒකට විරුද්ධව කියන්න දෙයක් නෑ..! ඒත් ඇයි එයා ඒක ගැලෙව්වේ??

"හරි.. ඉතින් ඇයි ගැලෙව්වේ? අනික පිරිත් වල බල එහෙම යන්නේ කොහොමද අජන ඒවා බොරු කතා!"

අර තිබ්බ මත් ගතිය එලවන් මට කලබලයට හේතු මෙතන මවන්න වුනා! දැන් මේක ගලවලා මොන මගුලක් වෙයිද කියලා තමයි මට තියේන එකම බය.. හැබෙයි ඉතින් මේක බැන්දා කියලා මහ ලොකුවට මට හොඳක් වුනෙත් නෑනේ.. මොකද මට කටහඩවල් ඇහේන එක නතර වුනේ නෑනේ! බැදලා දවසක් දෙකක් යන්නත් කලින් මට ඒවා ඇහෙන්න ගත්තනේ..!

"බොරු කතා නම් නූල් පස්සේ දුවන්නේ නැතුව තුන් වරුවටම පිරිත් කියන්නේ නැත්තේ ඇයි පවිත්‍ර?"

හා.. ඔව් පිරිත් කියන්න.. ඔව් මේ වෙන දේවල් වලට මට දැන් ඒක විතරයි කරන්න බැරි වුනේ.. ඒත් පවිත්‍ර.. අර කවුද මන්දා කියලා තියෙනවානේ 'slow down, calm down, don't worry, don't hurry. Trust the process' කියලා..

හරි ඉතින් දැන් කලබල වෙන්න එපා..! ඔය ජප කරපු නූල ගැලව්ව එකට ඔයා කලබල වෙන්න එපා! මේවා නම් මට වෙන්න තියෙන්නේ.. ඒක වෙන්න දෙන්න..! වෙන දේකට මූන දිලා බලන්න! තමුසෙගේ පස්සෙන් අලි නෙවෙයි යක්කු පැන්නුවත් ගිහින් ඒකට මූන දෙන්න!

බැරිම වුනොත් ගුරාව හොයාගෙන ආයේ නූලක් දාගනින් මයේ අම්මා! හුම්.. නැත්තන් බෑනේ අපේ අම්මගේ චූටි පුතා පව්නේ!

"හරි එහෙනම්..! මං ඕක ලස්සනට කියලා දාගෙන හිටියේ! කොහෙද ඉතින් ගැලෙව්වනේ! ඒකට හිලව් වෙන්න එහෙනම් අද මාව මනම්බරව බලන්න එක්කන් යන්න"

ඒ කියලා මං කටත් උල් කරන් අහක බලාගත්තා. ඇයි අප්පා.. මේක ෂේප් කර ගන්නත් ඇපැයි! ඊටත් හෙට ඉරිදනේ.. රෑ වුනත් අවුලක් නෑ.. අනික මං දැන් මනම්බරව දවස් ගානකින් දැකලත් නෑ!

හෙබෙයි ඒ වුනාට ඇමතියා මං දිහා ටික වෙලාවක් එක එල්ලේ බලන් ඉන්නවා කියලා මට ඇහැ කොනට මීටර් වුනා.. මොකද දන්නේ නෑ! ඇයි ගෙදර තව හංග ගත්ත එකෙක් ඉන්නවද දන්නේ නෑ මං එන හින්දා එලවන්න!

අමාවක හස (Ongoing) Where stories live. Discover now