25 වන පරිච්ඡේදය

1.7K 369 445
                                    




'සවි..'

'ම්.. "

'හවඩි මුතු පොටවල් කොහෙ ගහන් ගිහින්ද දන්නේ නෑ.. ඔසරි අරුංගල් කොහෙට වුනාද මන්දා මේ හඳ මගේ ඉස්සරහා පායද්දි..'

'පොඩි නිළමේ.. '

' මේ මූන මට හැමදාම බලන්න පුලුවන්නේද මගේ මැණිකේ..? මට මැරෙන මොහොතෙත් ඔය මූන දිහා බලන් ඇස් දෙක පියා ගන්න තිබුනා නම් ඇති..'

ඒ වචන කතා කරේ අර කෙනාට වුනත් ඒ වචන කෙනිත්තුවේ  මගේ හිත.. මොන හේතුවකටද මන්දා හිත කොනිත්තපු පලියට මගේ ඇස් දෙක එක සැරේ තෙත් වෙන්න ගත්තේ.. මොකද අන්තිමට මගේ ඇස් දෙක මෙහෙම තෙත් වුනේ කස්සප ඇතා කරන්ට් වැදිලා නැති වුනු දවසේ.

' මොනවද පොඩි නිළමේ මේ මැරෙන කතා කියන්නේ..? මැරෙන මොහොතේ නෙවෙයි මම මැරුනත් ඊට පස්සෙත් හොයාගෙන එන්නේ මගේ නිළමෙව විතරයි..'

'ම්.. නින්දක් නැතුව ඔය මූන මතක් කරන් රෑ මරපු දවස් ඕන තරම් සවි.. අපේ අම්මා අප්පච්චි මොනවා කිව්වත්.. අර මිගාර මොන අඩව්ව ඇල්ලුවත්.. උබ මගේ.. මගේ විතරමයි සවිත්‍ර.. මං මගේ කොල්ලාවත් අරන් මෙහෙන් යනවා..'

හා..?

"පවිත්‍ර?"

අර නම..

"ළමයෝ..? පවිත්‍ර?"

ආයෙමත් අර කටහඩවල්.. නෑ නෑ අර කටහඩවල් නෙවෙයි ඒ මේ ඇමතියගේ කටහඩ.! මේ එයා තමයි!! ඒත් අනිත් කෙනා..සවිත්‍ර.. එදා මට ඇමතියා කතා කරපු නම..!

"ඔයා කවුද??"

"ආහ්?"

එලොවෙත් නැති මෙලොවෙත් නැති ලෝකේ ඉඳන් මං හරිහමන් ලෝකේට අඩිය තිබ්බේ ඇස් දෙකෙන් කදුලු පේරන්..!! ඒත් මං.. මං වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව තක්බීර් වෙලා.

"මොකද ළමයෝ මේ? මොකක්ද වුනේ?"

දන්නේ නෑ දෙවියනේ දන්නේ නෑ!! මං එහෙන්මම ඇදෙන් බැහැලා කකුල් දෙකෙන් හිට ගත්තා හරියට මෙච්චර වෙලි රත් වුන තැටියක ඉඳන් හිටියා වගේ!

"මොකක්ද එක පාරට වුනේ පවිත්‍ර? ඇයි මේ අඩන්නේ?"

"මං අඩන්නේ නෑ.!! මං අඩන්නෑ ඒත් ඔයා කවුද!?? ඔයා කොහොමද මට මෙහෙම කතා කරන්නේ?? අනික.. "

අමාවක හස (Ongoing) Où les histoires vivent. Découvrez maintenant